තරුණයින් පිරිසකට විදේශ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් මිලියන 20ක මුදල් වංචාවක් සිදුකිරීම පිලිබඳව චෝදනා ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බද්දේගම ආසන සංවිධායක මලික් ගුණවර්ධන අත් අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලිිසිය පරීක්ෂණ පවත්වමින් සිටී.
ගාල්ල, රත්ගම, බූස්ස, යක්කලමුල්ල සහ අඟුළුගහ ප්‍රදේශවල තරුණයින් පිරිසක් මෙම වංචාවට හසුවී ඇති බව වාර්තා වේ.
සැකකරුට එරෙහිව සාපරාධී විශ්වාසය කඩකිරීමේ චෝදනාවට අදාළ වාර්තාවක් ගාල්ල පොලිසිය විසින් ගාල්ල මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර වෙත ඉදිරිපත් කර තිබේ.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාජින්ද්‍ර නාරංගොඩ අද (15) අධිකරණයෙන් අපේක්ෂිත ඇප ඉල්ලා ඇත.
ඇප ඉල්ලීමට එරෙහිව විරෝධතා ඇත්නම් පෙබරවාරි 01 වැනිදා ගොනු කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව කල් දමනු ලැබුවේය.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලිිසිය පරීක්ෂණ පවත්වයි.