අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් තවත් 03ක් පනී… 02ක් අත් අඩංගුවට… දැන් අතුරුදහන් රැඳවියන් ගණන 12යි….

නැවත පැන ගොස් ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ රැඳවියන් 03ක්... තෛපොන්ගල් සමරන්න කඳවුරෙන් පනින්න ඇතැයි සැකයක්!

by editor
ජනවාරි 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපන වෙමින් සිටි තවත් තිදෙනෙකු ඊයේ (14 )  රාත්‍රියේ පලාගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි.

ඉන් රැඳවියන් දෙදෙනෙක්  පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආසන්නයේ  සැඟව සිටියදී   යුද හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය කියයි.

එලෙස පලාගිය රැඳවියන් මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවන්වන අතර ඔවුන් තෛපොංගල් උත්සවය සැමරීමට පලායන්නට ඇති බවට වැලිකන්ද පොලිසිය සැක පල කරයි.

ඒ අනුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් පලාගොස් මේ වනවිට අතුරුදහන්ව ඇති සංඛ්‍යාව දොළහ දක්වා වැඩි වී ඇති බවද වැලිකන්ද පොලිසිය කියයි.

පසුගිය දොළොස්වෙනිදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් ආහාර ගැටලුවක් මුල් කරගනිමින් ගල්, මුගුරු, සහ පොලු වලින් පහරදී ගැටුමක් ඇතිකර ගත් අතර එම ගැටුම අතරතුර රැඳවියන් අනුදෙදෙනකු පලාගොස් සිටියදී පොලිසිය යුද හමුදාව එක්ව දියත් කළ මෙහෙයුමකින් පසු  අසූඑක් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එලෙස අත්අඩංගුවට ගත් පිරිසෙන් කිහිපදෙනෙකු වවුනියාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයටත් තවත් පිරිසක් කන්දකාඩු හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයටත් බාර දීමට වැලිකන්ද හා පුලස්තිපුර පොලිසිය  පොලිසිය කටයුතු කළහ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය දොළොස් වෙනිදා ඇති වූ සිද්ධියත් සමග අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ  එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සියළු නිලධාරීන් මාරු කිරීමට පියවර ගත් අතර එම මධ්‍යස්ථානය තුළ සිටින රැඳවියන් සඳහා  ආරක්ෂාව සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇති බවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පැරණි රැඳවියන්, නවක රැඳවියන්ට විවිධ අඩත්තේට්ටම් කිරීම ආහාර සම්බන්ධව ඇතිවූ තත්ත්වයක් තුළ වර්ධනය වී   එම ගැටුම ඇති වී තිබිණි.

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගොස් සිටියදී යුද හමුදාව සහ පොලිසිය එක්ව ක්‍රියාත්මක කර මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් රැඳවියන් කිහිපදෙනෙකුට අධිකරණ ක්‍රියාමාර්ගගෙන තිබෙන අතර මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බවද කන්දකාඩු  පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හමුදා නිලධාරියෙකු සඳහන් කළේය.

මේ වනවිට කන්දකාඩු  පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් තුන්සිය අනූදෙදෙනකු පමණ පුනරුත්ථාපනය වෙමින් සිටිති.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොරු අවලෝකිතේශ්වර අත් අඩංගුවට….

Next Post

මේ සෞඛ්‍ය වර්ජනය අනීතිකයි… ව්‍යවස්ථා විරෝධීයි… නිශ්චිත මැදිහත්වීමක් කරන්නැයි GMOA  රජයට  දන්වයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.