ඊජිප්තුවේ සිට පැමිණ තමන් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ලෙස හඳුන්වාගෙන පුද්ගලයින්ගෙන් වැඳුම් පිදුම් ලබමින් කැළණියේ සිටිනා මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා අද (15) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පන්නිපිටියේ දී අත් අඩංගුවට ගත්තේය.
ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙසේ ඔහු අත් අඩංගුවට ගෙන තිබිණි.
මේ පුද්ගලයා එළිපිටම සිදුකරමින් ඇති ව්‍යාජය සියලුම මාධ්‍ය ඔස්සේ මෙන්ම බෞද්ධ ආගමික නායකයින් හරහා ද හෙළිදරවු වූ නමුත් කිසිම නිශ්චිත ප්‍රතික්‍රියාවක් නොදැක්වූ රටේ නීතිය ක්‍රියාත්මක කරන අංශ ඊයේ (14) දිනයේ ත්‍රෛයි නිකායික මහා නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයාට මෙම පුද්ගලයා ද නම් කර ලිඛිතව යොමු කළ සංදේශයෙන් පසු ඔහුව අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යුහුසුළු වී තිබේ.
මෙම පුද්ගලයා සම්බන්ධව හෙළිදරවු වීම සිද්ධ වන්නේ ඔහු මෙරටට පැමිණීමට ප්‍රථමව බවත්, මොහු පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් අංශ දැනුවත් කළ නමුත් මේ සම්බන්ධයෙන් පියවරක් නොගත් බවත් බලංගොඩ කාශ්‍යප හිමියෝ මින් කීපයකට පෙර පවසා තිබුණහ. කෙසේ වෙත්ත මේ පුද්ගලයාට එරෙහි විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා බැංකු ගිනුම් පිළිබඳ වාර්තාවක් ද කැඳවා තිබිණි.
එහෙන්ම ඔහු තමන් කළ බාල අපරාධයක් පිළිබද කරන පාපොච්චාරණයක් සහිත වීඩියෝවක් ද නිකුත් වී ඇති අතර එය හිරු ප්‍රවෘත්ති සේවාව ඊයේ විකාශය කළේය.
වැඩිවියට පත් වූ කුඩා දැරියකගේ ලැම අතගෑම කළ බවත් එය කළේ විහිලුවට බවත් එය මහා විශාල බාල අපරාධයක් වන්නේ කෙසේදැයි ඔහු විමසන ආකාරයත් එම වීඩියෝවේ අන්තර්ගත විය.
කෙසේ වෙතත් මේ වනවිට මෙම පුද්ගලයාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටඋත්තර සටහන් කරගනිමින් ඇත. අනතුරුව ඔහු උසාවියට ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වේ.