රුසියාව, ප්‍රංශය සහ ඩෙන්මාර්කය වැනි විවිධ රටවල් ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික බලශක්තිය සංවර්ධනය කිරීමට උනන්දුව ප්‍රකාශ කරමින් සිටින පසුබිමක, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය (SLAEA) න්‍යෂ්ටික බලශක්තිය රටේ බලශක්ති ක්‍රියාවලියට එකතු කරගැනීමට අවශ්‍ය මූලික ප්‍රවේශය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතියට ඉදිරිපත් කිරීමට ලේඛන දෙකක් සකස් කර ඇති බව වාර්තා වේ.
ඉන් එක් ලේඛණයක් අනාගත ආයෝජකයින්ගෙන් කැමැත් ප්‍රකාශ කිරීම සඳහා වූ කැඳවීම් ලේඛනයක් බවත් ( EOI) අනෙක් ලේඛණය වන්නේ බලශක්ති මිශ්‍ර ව්‍යාප්තීන් පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය පිළිබඳ තීන්දුව අපේක්ෂා කරන බවත් පරමානුක බලශක්ති අධිකාරිය ප්‍රකාශ කර ඇත.
පරමාණුක බලශක්ති අධිකාරිය විසින් මෙම පියවර ගෙන ඇත්තේ රුසියාව විසින් ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ සිදු කරන ලද පරිදි රට තුළ අක්වෙරළ හෝ වෙරළබඩ න්‍යෂ්ටික බලාගාර පිහිටුවීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති පසුබිමක බව ඩේලි මිරර් වාර්තා කරයි.
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා ඩේලි මිරර් වෙත ප්‍රකාශ කර ඇත්තේ විවිධ රටවල් විසින් යෝජනා ඉදිරිපත් කර ඇති අතර රුසියානු යෝජනාව ශ්‍රී ලංකාවට සලකා බැලීමට තරම් පුළුල් එකක් බවය .
සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා වූ කැඳවීමක් ( EOI) හා බලශක්ති ප්‍රභවයන් සඳහා න්‍යෂ්ටික බලය තිබීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ප්‍රකාශ කිරීම සඳහා වූ ලේඛනයක් ලෙස ලේඛන දෙකක් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවය.
“අපි ඒවා කැබිනට් අනුමැතිය සඳහා යොමු කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්යාංශය වෙත ඉදිරිපත් කර තිබෙනවා” සභාපතිවරයා ඩේලි මිරර් වෙත පවසා ඇත.
රුසියාව Rosatom – රාජ්ය න්යෂ්ටික බලශක්ති සංස්ථාවේ නියෝජිත පිරිසක් මේ යෝජනා සාකච්ඡා කිරීම සදහා ලංකාවට එවීමට එකඟ වී ඇතැයි ද වාර්තා වේ.
මේ වනවිට 2027 සිට දශක දෙකකින් ආපසු ගෙවීමේ පදනමක් මත න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා බංගලාදේශය වෙත ඩොලර් බිලියන 11.38 ක අරමුදලක් මොස්කව් වෙතින් සපයා ඇත.