අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සූරියවැව ළමයින්ගේ මන්දපෝෂණය ගැන කථා කළ වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම මූලික අයිතීන් කඩ කිරීමක් !

by Lanka Sara Editor
නොවැම්බර් 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හම්බන්තොට සූරියවැව  ළමයන්ගෙන් සියයට 80ක් මන්ද පෝෂණයෙන් පෙළෙන බව ට කළ ප්‍රකාශයක් මත වෛද්‍ය චමල් සංජීවගේ  වැඩ තහනම් කිරීම මගින් භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය කර ඇති බවත් ඉදිරියේදී මේ සම්බන්ධව සියලු වෘත්තීය සමිති සහභාගී කරමින් කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවත්  රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.

වෛද්‍ය එදිරිසිංහ මේ බව සඳහන් කළේ නියෝජ්‍ය සෞක්‍ය සේවා අද්‍යක්ෂවරයකු ලෙස කටයතු කරන වෛද්‍ය චමල් සංජීව ගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් අද වෛද්‍ය වෘත්තීය සංගම් නියෝජිතයන්ගෙන් සහභාගීත්වයෙන් පැවැති මාද්‍ය හමුවකදීය.

 

මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය සංගම් නියෝජිතයො ආර්ථික පරිහානියත් සමඟ ශ්‍රී ලංකාව තුළ වර්ධනය වූ දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය පිළිබඳව දැඩි ලෙස රටට හෙළිදරව් කළ  වෛද්‍ය චමල් සංජිව මහතාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගත් බවත් එම  වැඩ තහනම් කිරීමට සම්පුර්ණයෙන් වගකිව යුත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා හා අමාත්‍යංශයේ දේශපාලන බලධාරීන් බවයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එම සංගම් මේ පිළිබඳව සඳහන් කරන ලද්දේ අද (10) දින ‘වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කරනු’ මැයෙන් වෛද්‍ය සංගම් ගණනාවක් එක්ව සංවිධානය කොට තිබූ මාධ්‍ය හමුවකදීය.

මෙම මාධ්‍ය හමුව සඳහා ක්‍රමවේද වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීයවේදීන්ගේ සංගමය යන සංවිධාන ගණනාවක් සම්බන්ධ විය.

මෙහිදී වෛද්‍ය චමල් සංජිව මහතා විසින් සුරියවැව ප්‍රදේශයේ දරුවන්ගෙන් 80% ක් මන්දපෝෂණ තත්වයෙන් පෙලෙන බව පැවසීම සාවද්‍ය කරුණක් ලෙස පවසා මෙම වැඩ තහනම් කිරීම සිදුකර ඇති බවත් ඒ සඳ=හා වෛද්‍යවරුන්වත් නොදන්නා පරීක්ෂණයක් සිදුකර ඇති බවට අදාල වැඩ තහනම් ලිපිය මගින් සඳහන් කර ඇති බවත් ක්‍රමවේද වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ විශේෂඥ  වෛද්‍ය  අජිත් අමරසිංහ මහතා පවසයි. එමෙන්ම මෙම වෛද්‍යවරයා වෘත්තීය සමිති නායකයෙකු බවත් එමගින් අදහස් පලකිරීමේ අයිතිය සේම වෘත්තීය සමිති මර්දනයක්ද සිදුකර ති බවට ඒ මහතා චෝදනා කරයි.

එමෙන්ම ආණ්ඩුව විසින් අදහස් පලකිරීමේ අයිතිය අහිමි කරමින් මෙවැනි කුඩා සිදුවීම් පවා ඉහලට ඔසවා සිදුකරනු ලබන්නේ රාජ්‍ය මර්දන ක්‍රියාවලියේ එක් කොටසක් වන වෘත්තීය සමිති මර්දනය කිරීම බවත් මෙසේ කිරීමෙන් සිදුවන්නේ මර්දනයක් නොව තව තවත් ජනතාව එකාමෙන් එක්වීම බව ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය තුසිත කහදූව මහතා පවසයි. එමෙන්ම මෙම මාධ්‍ය හමුව සඳහා එක්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් පැමිණි නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසා සිටියේ ආයතන සංග්‍රහයේ වගන්ති කඩකළ බවට කරුණු උපුටා දක්වමින් වෛද්‍ය චමල් සංජිව මහතාගේ වැඩතහනම් කිරීම සිදුකරනු ලැබුවේ ඒ මහතාට අදාල මහජන සෞඛ්‍ය පිළිබඳවම අදහස් දැක්වීමට යාමෙන් බවත් එමගින් ආයතන සංග්‍රහයේ වගන්ති කඩවීමක් සිදුවූ බව පැවසීම සිතා මතා ඒ මහතාගෙන් පළිගැනීමේ අරමුණින් කරන ලද කටයුත්තක් බවයි.

මෙම වෛද්‍ය චමල් සංජිව මහතාගේ වැඩ තහනම් කිරීමේ සිදුවීම තමන් දේශපාලන කෝණයකින් දකින බව ඉන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති ආචාර්ය චමිල ලියනගේ මහතා පවසයි. එහිදී ඒ මහතා පවසා සිටියේ 1977 වසරේ බලයට පැමිණි ආණ්ඩුව පාර්ලිමේන්තුවේ 5/6 බලයක් ලබාගත්තා සේම 2019 පැමිණි ආණ්ඩුවද එලෙස විශාලා බලයක් ලබාගත් බවත් එම ආණ්ඩු දෙකම එක සේ සිදුකරනු ලැබුවේ ජනතාවගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය විනාශ කරමින් දැඩි මර්දනකාරී වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීම බවයි. එහි එක් කොටසක් ලෙස වෛද්‍ය චමල් සංජිව මහතාගේ වැඩ තහනම් කිරීම දැක්විය හැකි බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

රුහුණු විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ වැඩ තහනමට ලක්වූ වෛද්‍ය චමල් සංජිව මහතාට තමන් ගුරුවරයෙකු වී විශ්ව විද්‍යාලයේදී උගන්වා ඇති බව කායික වෛද්‍ය විශේෂඥ සරත් ගාමිණී ද සිල්වා මහතා පැවසී. ඒ මහතා පවසා සිටියේ තමන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් තම දරුවන්ට උගන්වන ලද්දේ උණට පැනඩෝල් ලබාදී ගෙදර යවන අයවලුන් නොවන බවත් රෝගයට හේතු සොයා රෝගය නැති කිරීමේ ක්‍රම බවයි. එම ඉගැන්වීම් තුලින් පෝෂණ ලැබූ චමල් සංජිව මහතා රටේ දරුවන්ගේ මන්දපෝෂණයට හේතු සොයා විසඳීමට කටයුතු කිරීම වරදක් බව දැක්වීම තුළින් තමන් ඇතුළු ආචාර්යවරුන් උගන්වන ලද දැනුම භාවිතයට ගැනීමට දේශපාලනය ඉඩ ලබාදී නොමැති බව වැටහී යන බව පවසා සිටියේය.

එමෙන්ම මාධ්‍ය හමුව සඳහා සම්බන්ධ වූ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, සෞඛ්‍ය ලේකම්වරයාට මෙම වැඩ තහනම් කිරීම වහාම හකුලා ගන්නා ලෙසත් නැතහොත් ඉදිරියේදී සෞඛ්‍ය ලේකම්වරයාට සහයට සිටින බව පෙන්වන දේශපාලඥයන්ද ඉදිරියේදී නොමැති වන බවත් වෛද්‍ය වෘත්තිකයන්ගේ සහයද නොමැති වන බවත්ය.

එමෙන්ම මාධ්‍ය හමුව සඳහා සම්බන්ධ වූ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, සෞඛ්‍ය ලේකම්වරයාට මෙම වැඩ තහනම් කිරීම වහාම හකුලා ගන්නා ලෙසත් නැතහොත් ඉදිරියේදී සෞඛ්‍ය ලේකම්වරයාට සහයට සිටින බව පෙන්වන දේශපාලඥයන්ද ඉදිරියේදී නොමැති වන බවත් වෛද්‍ය වෘත්තිකයන්ගේ සහයද නොමැති වන බවත්ය. එමෙන්ම මෙම වැඩ තහනම් කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් 2015 නිකුත් කල වෛද්‍ය සේවා ව්‍යවස්ථාව හා 1935 නිකුත්කළ වෘත්තීය සමිති ආඥා පනතද උල්ලංඝනය කර ඇති බවට ඒ මහතා චෝදනා කරයි. එමෙන්ම ආයතන සංග්‍රහයේ 31 වගන්තියේ දක්වා ඇති පරිදි වැඩ තහනම් කිරීමකට ලක් කිරීමට එම සිදුවීමේ බැලු බැල්මට වරදක් සිදුවී තිබිය යුතු බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නීතිඥ නදීෂ සිල්වා මහතා පවසයි. නමුදු චමල් සංජිව මහතාගේ වැඩ තහනමට හේතු ලෙස දක්වා ඇත්තේ ඒ මහතා කළ ප්‍රකාශය අසත්‍ය බවට ‘හැගී යනවා’ යනුවෙන් බවත් එම ගින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කොට ඇති බවටත් ඒ මහතා චෝදනා කරයි.

මෙම වැඩ තහනම් කිරීම මගින් භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය කර ඇති බවත් ඉදිරියේදී මේ සම්බන්ධව සියලු වෘත්තුය සමිති සහභාගී කරමින් කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව මෙම මාධ්‍ය හමුවට පැමිණි රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි. එමෙන්ම වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසා සිටියේ චමල් සංජිව මහතා වෛද්‍ය වෘත්තියෙන් ගත් දැනුම යොදාගෙන පඩිය ගෙන ගෙදරට වී නොසිට රට හැදීමට යාම දේශපාලන අධිකාරිය ඔහුව වරදකරුවෙක් කොට ඇති බවයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ හදිසි ගින්නක්…

Next Post

වසන්ත මුදලිගේ ගේ මූලික අයිතිවාසිකම් නඩුවේ දී  දේශබන්දු වගඋත්තර කරුවෙක් කරන්න අධිකරණය අවසර දෙයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.