ලලිත් චාමින්ද –
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සුළු සේවිකාවකට පහරදුන් බව කියන කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකාරෝග පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා අද (18) අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසිය පවසයි.
විශේෂඥ වෛද්‍යවරයා මෙම සිද්ධියෙන් පසු ගාල්ලේ පුද්ගලික රෝහලකට ඇතුලත්ව ප්‍රථිකාර ලබාගනිමින් සිටියදි අත්අඩංගුවට ගත්බැව් පොලිසිය කියයි.
මේ පිළිබද බි වාර්තාවක් මගින අධිකරණයට කරුණු වාර්තාකරණ බවද පොලිසිය පවසයි. මෙම පහරදීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අද (18) උදැසන කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු හැර සමස්ථ කාර්යමණ්ඩලය විසින් විරොධතාවයක්ද ආරම්භකරණු ලැබිය.
පසුව විරෝධතාකරුවන් විසින් රෝහල් අධ්‍යක්ෂකවරයා මුණගැසී සාකච්ඡාවක්ද සිදුකරණු ලැබීය. මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් විරෝධතාවය අවසන් කරණ ලෙස රෝහල් අධ්‍යක්ෂකවරයා මෙහිදි ඉල්ලිමක් කරණු ලැබිය. ඒ අනුව ආරම්භකළ විරෝධතාවය මේ වනවිට අවසන්ව ඇත.
විශේෂඥ වෛද්‍යවරයා විසින් සුළු සේවිකාවකට පහරදුන් බවට සදහන් කරමින් කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවක සේවිකාවන් පිරිසක් ඊයේ (17) පස්වරුවේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රය තුළදි විරෝධතාවයක නිරතවුහ.
මෙකි කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් ඉකුත් 16 වැනිදින පැවති වැඩවර්ජනයට එක්ව සිටි අතර ඊයේ දින මෙම විශේෂඥ වෛද්‍යවරයා භාරව කටයුතු කරණ වාට්ටුවේ සේවයට පැමිණ ඇත.
එහිදි විශේෂඥ වෛද්‍යවරයා විසින් වර්ජනය කිරිම සම්බන්ධයෙන් මෙම වාට්ටුවේ කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින්ට දොස්පවරා ඇත.
මේ අවස්ථාවේ විශේෂඥ වෛද්‍යවරයා හා කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් අතර උණුසුම් තත්තවයක් ඇතිවි තිබේ. පසුව කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් විසින් මේ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂකවරයා ද දැනුවත් කොට ඇති අතර පසුව මෙකි සිද්ධිය සමථයකට පත්ව ඇත.
කෙසේවුවද ඊයේ පස්වරුවේ මෙම සිද්ධිය මුල්කරගනිමින් විශේෂඥ වෛද්‍යවරයා සුළු සේවිකාවකට පහරදුන් බව කියමින් කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් පිරිසක් විරෝධතාවයේ ආරම්භ කර අද යළි වෛද්‍ය නොවන සෙසු කාර්ය මණ්ඩලත් සමග විරෝධතාවය පවත්වාගෙන ගියහ.