ලලිත් චාමින්ද –
-
තීරු බදු රහිත වෑන් රථයක් එක්කොටි පනස් නව ලක්ෂයක සැක කටයුතු මිලකට මිල කරලා… ගිලන් රථකය මූලික පිරිවිතර නොසලකා මිල දී අරන්…
-
පූර්ව රෝහල් ප්‍රතිකාර කටයුතු සඳහා වැඩි දියුණු කරන්න භාණ්ඩාගාරයෙන් තවත් කෝටි 4ක් ඉල්ලලා… එම මුදල අනුමත වී නෑ… දැන් පූර්ව රෝහල් ප්‍රතිකාර සේවාවට යොදවන්න බෑ…
-
තමන් ගිලන් රථ ඉල්ලුවේ නැතැයි සුව සැරිය කියලා… ධාවන නොකරමවගකීම් කාලය කල් ඉකුත් වෙන්න ලඟයි…
ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් 1990 සුවසැරිය පදනම සඳහා කල්බදු ක්‍රමය යටතේ මිලදීගෙන තිබු ගිලන්රථ 25ක ගිලන්රථවල ලියාපදිංචි සහතිකයට අනුව ඒවා ආනයන රේගු බදුවලින් නිදහස්ව තිබියදි ගිලන්රථයක විකුණුම් මිල රුපියල් එක්කෝටි පනස් නව ලක්ෂ පනස්දහසක්වීම (15,950,000) අසාමාන්‍ය තත්වයක් බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
එමෙන්ම ගිලන්රථවල පැවතිය යුතු තාක්ෂණික පිරිවිතරයන් හා අනිකුත් අවශ්‍යතාවයන් පිළිබඳව කිසිදු සොයා බැලීමකින් තොරව මෙම ගිලන්රථ මිලදිගෙන තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මේ නිසා රෝහල් සත්කාරක සේවාවලට සුදුසු අයුරින් ගිලන් රථ වැඩිදියුණු කිරිම සඳහා රුපියල් හාරකෝටි අනුදෙලක්ෂ පනස්දහසක (49,250,000) පිරිවැය ඇස්තමේන්තුවක් සකස්කොට තිබුණි.
එහෙත් එම මුදල භාණ්ඩාගාරය විසින් ලබානොදීම හේතුවෙන් මෙම වර්ෂයේ (2022) මැයි මස 26වැනිදින වනවිටත් ගිලන්රථ 25 අදාල වෙනස්කම් සිදුකිරීමකින් තොරව සැපයුම්කරු භාරයේ රඳවාගෙන ඇති බවද විගණන කාර්යාලය පෙන්වාදෙයි.
මේ නිසා ගිලන්රථවල වගකිම් කාලය මෙම රථ භාවිතයට ගැනීමට පෙරම අවසන්වීමේ අවදානමක් පවතින බව විගණනය මගින් අවධාරණය කොට ඇත.
මිලදිගත් මෙම ගිලන්රථ 2021 වර්ෂයේ දෙසැම්බර් මස 30 වනදින ලියාපදිංචිකර පදනම වෙත සංකේතාත්මකව භාරදි තිබුණි. මේ පිළිබද සුවසැරිය පදනමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන්කොට ඇත්තේ පදනමේ ඉල්ලිමකින් තොරව මෙම ගිලන්රථ ලබාදිම සිදුකොට ඇති බවය.
පුර්ව රෝහල් සත්කාරක සේවාවලට සුදුසු ආකාරයෙන් ගිලන්රථ අවශ්‍ය පරිදි ප්‍රමිතින්ට අනුව පිළියෙළ කිරීම සඳහා අමතර ප්‍රතිපාදන ලබාදෙන බව දන්වා සිටියද ප්‍රතිපාදන නොලැබුණු බවය.
පුර්ව රෝහල් සත්කාරක සේවාවලට අනුකූලවන පරිදි ගිලන්රථ සකස් නොකර ගිලන්රථ ධාවනයට යෙදවිය නොහැකි බව හා ඒ සම්බන්ධව භාණ්ඩාගාරයට හා අමාත්‍යංශට ලිපි මගින් දන්වා ඇති බවය.
1990 සුවසැරිය පදනම සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව මෙකී විගණන වාර්තාවට තිබුණි.