දිනසේන රතුගමගේ –
දීපාවලී සමය අවසන් කරමින් වවුනියාවේ සෑම හින්දු කෝවිලකම ඉදිරිපත් කරන ලද සූරන් පෝර් ( සුරඅසුර යුද්ධය ) මංගල්ලය නැරඹීම සඳහා අති විශාල බැතිමත් පිරිසක් කෝවිල් වලට පැමිණ සිටියහ.

දීපාවලී යනුවෙන් හඳුන්වනු ලබන්නේද සුර අසුර යුධයෙන් පසුව අසුරයින්ව පරදවා සුරයින් ජයග්‍රහණය ලද දිනය සැමරීම වන අතර එහිදී සුරයන් වෙනුවෙන් පේළි පේළි වශයෙන් පහන් තබා දැල්වීම දීපාවලී දිනය වෙයි.
මෙම දීපාවලී දිනයට පසුව එළඹෙන ඉරිදා දිනයේදී හින්දු කෝවිල්වල සුරයන්ගේ හා අසුරයින්ගේ ප්‍රතිමා තනා සුර අසුර යුද්ධය නාට්‍යානුසාරයෙන් රඟ දක්වා පෙන්වීමත් එහිදී අසුරයින් පරාජයට පත්ව මැරී වැටෙන ආකාරයත් ප්‍රදර්ශනය කෙරෙයි.
මේ නාට්‍යයන් දැක බලා ගැනීම සඳහා හින්දු කෝවිල් අසලට විශාල වශයෙන් හින්දු බැතිමතුන් රැස් වී සිටිනු දක්නට ලැබුණි.







