දිනසේන රතුගමගේ –
උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත ජාත්‍යාන්තර ස්වේච්ඡා සංවිධානයක් විසින් මුද්‍රණකොට බෙදා හරින ලද පොතක් නිසා ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් එල්ල වී ඇති බැවින් බුද්ධි අංශ කීපයක් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ අරම්භ කොට තිබේ.
මෙම සංවිධානය විසින් මීට ඉහතදී අවි ආයුධ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් නිකුත් කරන ලද විවිධ ප්‍රත්‍රිකා රාශියක් උතුරේ ජනතාව හා තරුණයින් අතට පත්වී ඇති අතර ඒ තුළින්ද ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වීමක් සිදුව ඇද්දැයි සොයා බලන බව උතුරේ බුද්ධි අංශ නිලධාරීන් කියා සිටියි.
සාමාන්‍යයෙන් ආරක්ෂාවට සම්බන්ධ තොරතුරු මහජනතාව අතට පත් කරවන විට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් පූර්ව අවසරයක් ලබා ගත යුතු නමුත් මෙම සංවිධානය එම ක්‍රියාව සිදු නොකොට ඔවුන්ගේ අභිමතය පරිදි එම ග්‍රන්ථය මුද්‍රණය කරමින් අවි ආයුධ පුපුරණ ද්‍රව්‍ය බිම්බෝම්බ හා ආරක්ෂක ක්‍රමවේදයන් පිළිබඳව තොරතුරු රැසක් මහජනතාව අතට පත් කොට ඇති බවද ආරක්ෂක අංශ කියා සිටියි.
විදේශීය ආධාර මත ක්‍රියාත්මකවන මෙම ජාත්‍යාන්තර රාජ්‍ය නොවන සංවිධානය විසින් උතුරේ තරුණ තරුණියන්ට බිම්බෝම්බ ඉවත් කිරීම හා ඒවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පුහුණුවක් ලබා දෙන අතර බිම්බෝම්බ ඉවත් කිරිමේ කාර්යයන්හි නිරත නොවන සාමාජික සමාජිකාවන්ටද බිම්බෝම්බ පිළිබඳව පුහුණුවීම් ලබා දෙන බවට ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබී තිබේ.
මෙසේ පුහුණුවීම් ලබන පිරිස් අතර බෙදාහැරීම සඳහා එම සංවිධානය විසින් මෙතෙක් අත් පත්‍රිකා මුද්‍රණය කළ අතර මෙවර කුඩා පොතක් මුද්‍රණය කිරීමෙන් පසුව ආරක්ෂක අංශ වලට අවබෝධ වී ඇත්තේ ඒ ග්‍රන්ථයේ අවි ආයුධ බිම්බෝම්බ හා පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති තොරතුරු නිසා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවයි.
ඉන් පසුව එම සංවිධානයේ ක්‍රියා කලාපයය හා ඔවුන් විසින් පුහුණු කරණ ලද සාමාජික සාමාජිකාවන් පිළිබඳවද එම ග්‍රන්ථය හා පත්‍රිකා සම්බන්ධයෙන්ද උතුරේ බුද්ධි අංශ නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කොට ඇත.







