නුවරඑළිය නගරයේ ප්‍රධාන සංචාරක හෝටලයක පිහිටි සුපිරි වෙළෙඳ සැළක කළමනාකරුවෙකු ඔහු නවැතැන් ගෙන සිටි හෝටලයේ පස්වන මහලෙන් ඇද වැටී මරණයට පත්ව තිබේ.
සිද්ධිය ඊයේ (29 අලුයම 1.45 ට පමණ සිදුව තිබෙන බවට පොලීසිය සැක කරයි.
මෙසේ මිය ගොස් ඇත්තේ තරංග ප්‍රියන්ත හෙට්ටිආරච්චි නැමති (47) හැවිරිදි ගම්පොළ දොළොස්බාගේ පදිංචි දෙදරු පියෙකි. එම සංචාරක හෝටලයේ කාර්ය මණ්ඩලයේ සාදයක් පෙරේදා (28) දින පස්වරුවේ පවත්වා ඇත. එයට සහභාගි වූ පිරිස සාදයෙන් අනතුරුව කළමණාකරුව ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයට අයත් තවත් හෝටලයක පස්වන මහළේ පිහිටි ඔහුගේ කාමරයට ඇරලවා ඇත.
මියගිය කළමනාකරවරයාගේ සිරුර සම්බන්ධයෙන් නුවරඑළිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.







