අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයේ රෝහල්වලට සම්පත් බෙදෙන හැටි ගැන විමර්ශනයක්

by Lanka Sara Editor
නොවැම්බර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ රෝහල් වෙත වෛද්‍ය උපකරණ සහ මානව සම්පත බෙදී යන ආකාරය සමබන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කර ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට පසුගියදා දැනුම් දී තිබේ.

ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන් අතිරික්තව සිටින අතර, ඇතැම් ග්‍රාමීය රෝහල්වල වෛද්‍ය හිඟයක් පවතින බව සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මූලික රෝහල් මධ්‍යම රජයට පවරා ගැනීම මඟින් සෞඛ්‍ය පහසුකම් වඩා ප්‍රශස්ත මට්ටමකට රැගෙන ඒමට හැකි වුවත්, පළාත් සභා යටතේ ඇති විෂයන් මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව බලය විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලිය සමඟ ගැටෙන බැවින් එය ගැටලු සහගත බව හෙතෙම කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

ඒ සම්බන්ධව විමර්ශනය කර වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම සුදුසු බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

පසුගිය කාලය තුළ විටින් විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ජන රැල්ලක් ඇති වූ බැවින්, වැටුප් ඉහළ නැංවීමේදී පොදු ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

ඉකුත් වසර කිහිපය තුළ මෙරටට ඖෂධ වර්ග රැසක් වැඩියෙන් ආනයනය කර තිබීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානයක් යොමු වූ අතර, ඇතැම් වර්ෂවල අධි ප්‍රතිශතයන්ගෙන් මෙරටට ඖෂධ ආනයනය කර තිබූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්‍ය චන්න ජයසුමන මහතා කීවේය.

ඖෂධ වලට අදාළව ජාතික තොරතුරු පද්ධතියක් ආරම්භ කරන බවත්, දිවයිනේ සියලු රෝහල් ඊට සම්බන්ධ කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇල්පිටිය මූලික රෝහලේ මේ වන විට අඩුපාඩු රැසක් පවතින බවත්, එම අඩුපාඩු සම්පූර්ණ කිරීමට ක්‍රියා කළ යුතු බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය මෙහිදී පැවසුවාය.

පොළොන්නරුව වකුගඩු රෝහල ඉදිකර විවෘත කළද එය මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත් ඇතැම් පුද්ගලයින්ගේ තොරතුරු ඊට අදාළව ක්‍රියාත්මක දත්ත පද්ධතියට ඇතුළත් නොවීම සම්බන්ධ ගැටළුවක්ද පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා කාරක සභාවට ඉදිරිපත් කළේය. පවතින එම තත්ත්වය කඩිනමින් විසඳීම සඳහා කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කාරක සභාවට දැනුම් දුන්නේය.

එමෙන්ම ආයුර්වේද උපාධිධාරින් 719 ක් රැකියා විරහිතව සිටින බව ද මෙම කාරක සභාවේදී අනාවරණය විය. ප්‍රාදේශීය වශයෙන් ආයුර්වේද බෙහෙත් ශාලා ආරම්භ කර, ඔවුන්ට පත්වීම් ලබා දීමට සැලසුමක් පවතින බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කාරක සභාවේදී කීවේය.

මෙම කාරක සභාවට අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 20 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නිලධාරිහු පිරිසක්ද මේ අවස්ථාවට එක් වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“තවම දෛනික වැටුප 400යි… බඩගින්නේ මැරෙන්න වෙන්නෙ…“ වතු කම්කරුවො මගට බසිති!

Next Post

නුවරඑළිය සුපිරි වෙළෙඳසල් කළමනාකරු පස්මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී මරුට…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.