කීර්ති ප්‍රනාන්දු –
දිනක වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කර බව පැවසුවද මෙතෙක් එය ඉටුවී නොමැති බැවින් වත්මන් ජීවන වියදම හමුවේ තමන්ට තුන්වේලක් කෑමට නොහැකි බැවින් තම දිනක වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස බලකරමින් වතු කම්කරුවන් පිරිසක් අද (29) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වූහ.
නුවරඑළිය ආගර පතන ටොරින්ටන් වතු කම්කරුවන් පිරිසක් මෙසේ විරෝධතාවේ නිරත වී සිටින.
එහිදී ඔවුන් පැවසුවේ මේ වන විට වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රුපියල් 400 ක් තරම් වූ අඩු මුදලක් බවයි.
මෙම දිනක වැටුපෙන් වතු කම්කරුවකුගේ පවුලකට දිනකට තුන්වේලක් ආහාර මිලදී ගැනීමටත් කිසිදු අයුරකින් ප්‍රමාණවත් නොවන බව පවසන එම වතුකම්කරුවන් පාන් පිටි සහ ගෑස් පරිප්පු ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ද දරාගත නොහැකි ලෙස වැඩිවීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇතැයිද පවසයි.
එම නිසා වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙසත් එසේ නොකළහොත් ඉදිරියේදී දැඩි වැඩවර්ජනය සඳහා වතුකම්කරුවන් පියවර ගන්නා බව ද එම උද්ඝෝෂණයේ දී වතුකම්කරුවෝ පැවසූහ.
මෙම විරෝධතාවය සඳහා වතු කම්කරු පිරිමින් සහ කාන්තාවන් විශාල පිරිසක් සහභාගි වී සිටින.