බීබීසී ඇසුරෙනි –
එකිනෙකාගේ බලය උද්ද්ච්ඡ ලෙස ප්‍රකාශ කරමින් ඇමරිකාව සහ චීනය අතර ඇවිලුන ප්‍රදර්ශනාත්මක වෙළෙඳ යුද්ධය අහසින් මහ පොළොවට ඇද දමමින් එකිනෙකා මත තරගයට පැනවූ ආනයනික තීරු බදු දින අනූවක කාලයක් සඳහා 115% කින් අඩු කරන ගිවිසුමකට එකඟ වී ඇත.
ජිනීවාහි පැවති වෙළඳ රැස්වීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය අනුව ඇමරිකා එක්සත් ජනපදය චීනය සඳහා පැනවු ආනයනික තීරුබද්ද 145% සිට 30% දක්වා අඩු කරනු ඇත. චීනය ඇමරිකානු භාණ්ඩ සඳහා ආනයනික තීරුබදු 125% සිට 10% දක්වා අඩු කරනු ඇත.
එම ප්‍රකාශයේ සාරංශය මෙසේය.
- එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ චීනයේ උප අගමැති හේ ලයිෆෙන්ග් විසින් මෙහෙයවනු ලබන “ආර්ථික හා වෙළඳ සබඳතා පිළිබඳ සාකච්ඡා දිගටම කරගෙන යාම සඳහා යාන්ත්‍රණයක්” රටවල් දෙකම ස්ථාපිත කිරීමට එකඟ වී තිබේ.
- අනාගත සාකච්ඡා චීනයේ හෝ එක්සත් ජනපදයේ පැවැත්විය හැකි බව ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වේ.
- “දෙරටටම සහ ගෝලීය ආර්ථිකයට ඔවුන්ගේ ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සම්බන්ධතාවයේ වැදගත්කම” ඔවුන් පිළිගනී.
- “අඛණ්ඩ සාකච්ඡාවලට ඔවුන්ගේ ආර්ථික හා වෙළඳ සම්බන්ධතාවයේ එක් එක් පාර්ශ්වයේ උත්සුකයන්ට විසඳුම් සෙවීමේ හැකියාව ඇති” බව ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය යන දෙකම විශ්වාස කරන බව ප්‍රකාශයේ සඳහන් වේ.
- “අන්‍යෝන්‍ය විවෘතභාවය, අඛණ්ඩ සන්නිවේදනය, සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවයේ ආත්මය” තුළ සාකච්ඡා ඉදිරියට යන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
කෙසේ වෙතත් චීන පාරශවයෙන් පෙන්වා දී ඇත්තේ සියයට 30 යනු විශාල ආනයනික තීරු බද්දක් බවය. පෙබරවාරි 1 වන දින ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර වෙළඳ යුද්ධය ආරම්භ වූ දා සිට තීරුබදු වෙනස් වී ඇති ආකාරය පෙන්වන මෙම ප්‍රස්ථාරය නිරූපණය කර ඇත.








