බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ මහ නගර සභාවේ බලය ගන්න පොහොට්ටුව එක්ක පූට්ටු වීමේ අදහසට සජබ ඇතුළෙන්ම විරෝධයක්…!

by editor
මැයි 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා පොහොට්ටුව සමග සන්ධානගතවීමට සිදුවීමත් සමග සමගි ජන බලවේගයේ අභ්‍යන්තරයෙන් එවැනි එකතුවීමකට එරෙහි ප්‍රතිරෝධයක් මතු වී ඇතැයි    අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසයි.

බලය පමණක් ඉලක්ක කරගෙන කරන මෙවැනි ගනුදෙනු කෙටි කාලීනව යම් ජයග්‍රහණයක් පිළිබඳ අදහසක් ලබා ගත්තත් එම එකතු වීම ජනතාව ඉදිරියේම බරපතල ලෙස ප්‍රශ්න කෙරෙන බවත්, එවැනි තත්ත්වය දීර්ඝ කාලීනව දේශපාලනික වශයෙන් ඉතා අහිතකර තත්ත්වයක් ඇතිවිය හැකි බවත් මෙම සන්ධානගතවීමට එරෙහිවන දේශපාලකයින් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන අනාගතයක් සහිත සජබ තරුණ නායකයින් මේ විරෝධය ගොනු කළත් එය නොතකා බලය සඳහා එක්වීමේ ඉඩකඩක් විපක්ෂ නායකවරයා විසින් ඡන්දයෙන් අනතුරුව කළ ප්‍රකාශයෙන් පෙනී ගොස් ඇතැයි විචාරකයෝ කියති. සජිත් ප්‍රේමදාසා කීවේ විපක්ෂයේ සියලු දෙනා එක මිටට එකතු වී බලය පිහිටුවන බවත් ඒ සඳහා ජන වරමක් ලැබී ඇති බවත්ය.

පොහොට්ටුව හා  සන්ධානයකට එරෙහි වෙමින් සජබ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධූරයෙන් චානක සේනානායක පසුගිය දා ඉවත් වූයේය. ඔහු පක්ෂයේ සාමාජිකත්වය ද අත් හැරියේය.  ප්‍රතිපත්තිමය වශයෙන් පක්ෂය ප්‍රතික්ෂේප කළ දූෂිතයින් සමග සභා පිහිටුවීම සඳහා  එකට එකතු වීමට සූදානම්ව  ඇති බවත් මහ මැතිවරණයේ දී සහ ජනාධිපතිවරණයේ දී දිගින් දිගටම පොදු ජන පෙරමුණ රට බංකොළොත් කළ දූෂිතයින් බවට   සහතික කර රටට කියා බලය පිහිටුවීම සඳහා ඔවුන් සමග එක්වීම අනුමත කළ නොහැකි බවත් ඔහු පැවසුවේය.

එක් පසෙකින් සජබ තුළින් මෙවැනි සන්ධානයකට විරෝධය පළ වෙද්දි  පොහොට්ටුවේ මහ ලේකම් නිතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කර තිබුණේ පළාත් පාලන ආයතන පිහිටුවිම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ශවයට එකතුවීමට ජනවරමක් පොහොට්ටුවට නැති බවය. ඒබැවින් අන්ත දක්ෂිනාශික නියෝ ලිබරල්වාදීන් සමග එකතුවී සභා පිහිටුවීමේ හැකියාවක් පොහොට්ටුවට නැති බවය. මේ ප්‍රකාශයට පොහොට්ටුව   තුළින් මහ ලේකම්වරයාට යම් විරෝධයක් මතු වී ඇති බව ද වාර්තා වේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

කොළඹ මහ නගර සභාවේ සභිකයන් 48 දෙනෙකු ජාතික ජන බලවේගයට ලැබිණි. පක්ෂයක් ලෙස වැඩිම සභිකයින් ප්‍රමාණයක් ලබන්නේ ජාතික ජන බලවේගය ය. සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂයට සභිකයන් හැට නව දෙනෙකු හිමිවිය. සභික ධූර සංඛ්‍යාව අනුව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට වැඩි හැකියාවක් විපක්ෂයට ඇත.

ඊයේ මාධ්‍ය හමුවක දී සමගි ජන බලවේගයේ ප්‍රබලයෙක්වන නිරෝෂන් පාදුක්ක   ප්‍රකාශ කළේ බ්‍රහස්පතින්දා වනවිට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවන බවය.

මෙරට මහ නගර සභා අතර විශේෂ අවධානයක් දිනා ගැනුණු නගර සභාව වන්නේ කොළඹ මහ නගර සභාවයි. කොළඹ නගරයේ බොහෝ කටයුතු පාලනය කෙරෙන කොළඹ මහ නගර සභාවේ බලය හිමි කර ගැනීම දේශපාලනික වශයෙන් විශාල ශක්තියක් වන හෙයින් එහි බලය ලබා ගැනීමට බොහෝ දේශපාලන පක්ෂ කාලයක සිට ලොකු උනන්දුවක් දක්වයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

Bell 212 – ගුවන් යානයක් පමණක් නොවූ ජාතියක මානුෂික සංකේතය ගැන කතාවක්!

Next Post

සුපර් හීරෝලා වී චීනය සහ ඇමරිකාව අහසේ කළ වෙළෙඳ යුද්ධය මහ පොලොවට… දෙපාර්ශවයම තමන් පැ ආනයනික බදු 115%න් අඩු කරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.