සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුනාමිය කඩා වැදි හෙටට අවුරුදු 19 යි…. රට වටා ඇති සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් කුලුනු 77න් අඩක් අක්‍රීයයි…

නවීන තාක්ෂණික ක්‍රමවේදයකට යන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි!

by editor
දෙසැම්බර් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • සුනාමි අනතුරු  ඇඟවීමේ කුලුනු සඳහා සංඥා සැපයූ ඇමරිකානු චන්ද්‍රිකාව කල් ඉකුත් වී කඩාගෙන වැටිලා… සුනාමි කුලුනු පවත්වාගැනීම ඵලදායී නැති බව ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි!

රුපියල් මිලියන 32ක් වැයකොට  මුලතිව් දිස්ත්‍රික්කයේ  ස්ථාන පහක ඉදිකොට  තිබු  සුනාමි පුර්ව අනතුරු ඇඟවිමේ සංඥා කුලුනු  අක්‍රීය තත්ත්වයක  පැවතින බව ජාතික විගණන කාර්යාලය මගින්  2022 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.

ආපදා කළමණාකරණ  මධ්‍යස්ථානය  සඳහන් කරන  ආකාරයට අදට අවුරුදු 19 කට පෙර අද වැනි දිනයක සිදුවුන   සුනාමි ඛෙදවාචකයෙන් පසු  මෙරට වෙරළබඩ ආශ්‍රිත දිස්ත්‍රික්ක 14ක සුනාමි පුර්ව අනතුරු ඇඟවිමේ සංඥා කුළුණු  77ක් ඉදිකරනු ලැබීය.

මේ වනවිට  ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සිට හෝ සංඥා කුළුණු   ඉදිකොට ඇති ස්ථානය වෙත ගොස් අතින්  සංඥා කුළුණු ක්‍රියාත්මක කළ හැක්කේ 35ක් 40ක් අතර සංඛ්‍යාවක් බවද ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි

මෙම සුනාමි පුර්ව අනතුරු ඇගවිමේ සංඥා කුලුනු   සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් ඇමරිකානු සමාගමක් විසින්  ලබාදි  තිබුණි. ඇමරිකානු සමාගම විසින් තාක්ෂණික පහසුකම් ලබා දී තිබු සැටලයිට්  උපකරණය එහි ජීව කාලය අවසන් විම නිසා කඩාගෙන වැටි ඇති අතර මෙම සංඥා කුලුනු  පවත්වාගෙන යාම සඳහා   රජයට විශාල මුදලක් දැරීමට සිදුවී  ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම සංඥා කුලුනක් මගින් දැනුවත් කළහැක්කේ කිලෝමිටර් භාගයක් හෝ කිලෝමිටරයක් පමණ දුරින් පදිංචි ජනතාව පමණක්වන අතර  මෙරට වෙරළ බඩ තිරය කිලෝමිටර් 1300කින් පමණ යුක්තවේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සංඥා කුළුණු 77 හරහාම දැනුම්වත් කළහැක්කේ  වෙරළ බඩකලාපයේ කිලෝමිටර් 77ක් තුළ පදිංචි ජනතාව පමණක් බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ සංඥා කුලුනු   නවීන තාක්ෂණයත් සමග  නිසි ක්‍රියාකාරිත්වයෙන් නොපවතින අතර ඒ සඳහා විකල්ප ක්‍රමවේද හඳුන්වා දී ඇති බවද ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පෙන්වාදෙයි.

දිවයිනේ දිස්ත්‍රික්ක 14ක් තුළ  සුනාමි අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගේ මෙන්ම සුනාමි ආපදා කළමනාකරණ යාන්ත්‍රණයට සම්බන්ධවන හඳුනාගත් පුද්ගලයින්ගේ ජංගම සහ ස්ථාවර දුරකථන අංක හැට දහසකට (60,000) ආසන්න ප්‍රමාණයක් වෙත සයිරන් ශබ්දයක් සමග ක්ෂණික පූර්ව අනතුරු ඇඟවීමේ “Ring Tone” නිවේදනයක් යොමු කිරීමට හැකි වන පරිදි නවින තාක්ෂණික  උපක්‍රම හඳුන්වා දි ඇති බව සඳහන් කරණ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මේ නිසා රාත්‍රී කාලයේදී මහජනතාව වෙත සයිරන් ශබ්දයක් සමඟ තම දුරකථන නාද වීම තුළ වඩාත් ඵලදායී පූර්ව අනතුරු ඇගවීමේ යාන්ත්‍රණයක්  ස්ථාපිත කර ගත හැකි වනු ඇති බවද පෙන්වා දෙයි.

මෙම ක්‍රමවේදය 2023  හෙට  (දෙසැම්බර් 26)  වන දිනට යෙදෙන “ජාතික සුරක්ෂිත දිනයට” සමගාමීව ජනගත කිරීමට නියමිතව ඇත.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රක්ෂණ වන්දියක් ගන්න රුමේනියානු කාන්තාවකගෙන් බොරු අතවර පැමිණිල්ලක්… පොලිසිය සහ හෝටල් කළමනාකාරිත්වය ඇත්ත හෙළි කර ගනී!

Next Post

සනත්ගේ නැට්ටේ එල්ලී  ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් වෙන්න හිටපු ක්‍රීඩක පිරිසක් හිඟමනේ යති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.