ලලිත් චාමින්ද –
-
සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු සඳහා සංඥා සැපයූ ඇමරිකානු චන්ද්‍රිකාව කල් ඉකුත් වී කඩාගෙන වැටිලා… සුනාමි කුලුනු පවත්වාගැනීම ඵලදායී නැති බව ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි!
රුපියල් මිලියන 32ක් වැයකොට මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන පහක ඉදිකොට තිබු සුනාමි පුර්ව අනතුරු ඇඟවිමේ සංඥා කුලුනු අක්‍රීය තත්ත්වයක පැවතින බව ජාතික විගණන කාර්යාලය මගින් 2022 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන ආකාරයට අදට අවුරුදු 19 කට පෙර අද වැනි දිනයක සිදුවුන සුනාමි ඛෙදවාචකයෙන් පසු මෙරට වෙරළබඩ ආශ්‍රිත දිස්ත්‍රික්ක 14ක සුනාමි පුර්ව අනතුරු ඇඟවිමේ සංඥා කුළුණු 77ක් ඉදිකරනු ලැබීය.
මේ වනවිට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සිට හෝ සංඥා කුළුණු ඉදිකොට ඇති ස්ථානය වෙත ගොස් අතින් සංඥා කුළුණු ක්‍රියාත්මක කළ හැක්කේ 35ක් 40ක් අතර සංඛ්‍යාවක් බවද ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි
මෙම සුනාමි පුර්ව අනතුරු ඇගවිමේ සංඥා කුලුනු සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් ඇමරිකානු සමාගමක් විසින් ලබාදි තිබුණි. ඇමරිකානු සමාගම විසින් තාක්ෂණික පහසුකම් ලබා දී තිබු සැටලයිට් උපකරණය එහි ජීව කාලය අවසන් විම නිසා කඩාගෙන වැටි ඇති අතර මෙම සංඥා කුලුනු පවත්වාගෙන යාම සඳහා රජයට විශාල මුදලක් දැරීමට සිදුවී ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම සංඥා කුලුනක් මගින් දැනුවත් කළහැක්කේ කිලෝමිටර් භාගයක් හෝ කිලෝමිටරයක් පමණ දුරින් පදිංචි ජනතාව පමණක්වන අතර මෙරට වෙරළ බඩ තිරය කිලෝමිටර් 1300කින් පමණ යුක්තවේ.
මෙම සංඥා කුළුණු 77 හරහාම දැනුම්වත් කළහැක්කේ වෙරළ බඩකලාපයේ කිලෝමිටර් 77ක් තුළ පදිංචි ජනතාව පමණක් බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ සංඥා කුලුනු නවීන තාක්ෂණයත් සමග නිසි ක්‍රියාකාරිත්වයෙන් නොපවතින අතර ඒ සඳහා විකල්ප ක්‍රමවේද හඳුන්වා දී ඇති බවද ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පෙන්වාදෙයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 14ක් තුළ සුනාමි අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගේ මෙන්ම සුනාමි ආපදා කළමනාකරණ යාන්ත්‍රණයට සම්බන්ධවන හඳුනාගත් පුද්ගලයින්ගේ ජංගම සහ ස්ථාවර දුරකථන අංක හැට දහසකට (60,000) ආසන්න ප්‍රමාණයක් වෙත සයිරන් ශබ්දයක් සමග ක්ෂණික පූර්ව අනතුරු ඇඟවීමේ “Ring Tone” නිවේදනයක් යොමු කිරීමට හැකි වන පරිදි නවින තාක්ෂණික උපක්‍රම හඳුන්වා දි ඇති බව සඳහන් කරණ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මේ නිසා රාත්‍රී කාලයේදී මහජනතාව වෙත සයිරන් ශබ්දයක් සමඟ තම දුරකථන නාද වීම තුළ වඩාත් ඵලදායී පූර්ව අනතුරු ඇගවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කර ගත හැකි වනු ඇති බවද පෙන්වා දෙයි.
මෙම ක්‍රමවේදය 2023 හෙට (දෙසැම්බර් 26) වන දිනට යෙදෙන “ජාතික සුරක්ෂිත දිනයට” සමගාමීව ජනගත කිරීමට නියමිතව ඇත.