දිනසේන රතුගමගේ
කිළිනොච්චිය හා මුලතිව් පළාත් වල පොල්ගස් වලට වැළදී ඇති සුදු මැස්සාගේ හානිය මර්දනය කිරීම පිණිස කොළඹ සිට විශේෂ කණ්ඩායමක් 7 දා කිළිනොච්චිය ප්‍රදේශයට පැමිණ සිටිති.
එම දිස්ත්‍රික්ක දෙකේ පොල් ගස් 5000 කට වඩා වැඩි ප්‍රමාණයක් සුදු මැස්සාගේ හානියට ලක්ව විනාශ වෙමින් පවතී.
සුදුමැස්සාගේ හානියට ලක්වන පොල්ගස් පුරාම සුදු පැහැති කුඩු විශේෂයක් හට ගන්නා අතර ඒවා කොළ වල සිට මල් හා ගෙඩි වලටද ව්‍යාප්ත වෙයි.
මාස කීපයකට පසුව මුළු පොල් ගසම සුදු පැහැති කුඩෙන් වැසී යාමට පටන් ගන්නා අතර ස්වල්ප දිනකට පසුව එම පොල්ගස් මැරී යාමට පටන් ගනියි.
මේ පිළිබදව කිළිනොච්චිය හා මුලතිව් පළත් වල ගොවීන් කෘෂිකර්ම නිලධාරීන්ට කළ පැමිණිලි වලින් පසුව එම නිලධාරීන් එම රෝගය මර්දනය කිරීමට පිලියම් යොදන ලද නමුත් එම පිලියම් සාර්ථක නොවීම නිසා කොළඹ සිට විශේෂඥයින් පිරිසක් එම දිස්ත්‍රික්ක දෙකේ පොල් වගාවට සිදුවන හානිය පරීක්ෂා කිරීමට පැමිණ සිටිති.
එම නිලධාරීන් අදාල ප්‍රදේශ වල ක්ෂේත්‍රයට ගොස් ගොවීන් සමග සාකච්ඡා කොට ඔවුන්ට උපදෙස් හා ප්‍රතිකාර විධි සම්බන්ධයෙන් දැණුවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට තිබේ.