ලලිත් චාමින්ද
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5- 19ත් අතර පාසල් යන වයසේ පසුවන ගැහැණු දරුවන් අතුරින් හාරලක්ෂ දසදහක් (4 10 000) වයසට සරිලන බර නොමැතිවිමේ මන්දපෝෂණ තත්වයට ගොදුරුවි ඇති බැව් බ්‍රිතාන්‍ය ලැන්සෙට් වෛද්‍ය සඟරාව සිදුකළ පර්යේෂණයකදි අනාවරණය වි ඇති බැව් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
ප්‍රතිශතයක්වශයෙන් ගත්කළ එය සියයට 16.4ක් බවත්. මෙකි පර්යේෂණ වාර්තාවට අනුව ලොව වයසට සරිලන බර නොමැති ගැහැණු දරුවන් අතර එම ප්‍රතිශතය දෙවැනි වන්නේ ඉන්දියාවට පමණක් බවද හෙතෙම පවසයි.මෙරට පිරිමි දරුවන් අතර වයසට සරිලන බර නොමැති පිරිමි දරුවන්ගේ ප්‍රතිශතය සියයට 17.8 ක් බවත් . ඒ අනුව පිරිමි දරුවන් 4.50000ක් පෝෂණ අර්බුදයට ලක්ව ඇති අතර සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතරින් 8 60 000 ක් වයසට සරිලන බර නොමැති බව මෙකි පර්යේෂණයේ දි අනාවරණය වි ඇති බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජිව මහතා පවසයි.
ලොව ඉහළම බර අඩුවීමේ මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාව එක්ව ඇති බව සදහන් කළ විශේෂඥ වෛද්‍ය චමල් සංජිව මහතා ලොව පුරා රටවල් 199ක මිලියන 220ක ජනගහනය ආශ්‍රිතව පර්යේෂකයන් 1900 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදුකළ එම පර්යේෂණයේදී ශරීර ස්කන්ධ දර්ශකය හෙවත් උසට සරිලන බර ප්‍රධාන නිර්ණායකයක් ලෙස යොදාගෙන ඇති බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය..