අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් පුරා පැය 04ක් තිස්සේ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.
පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන සිය තනතුරින් ඉල්ලා අස්වෙමින් සුදුලූනු බහාලුම් දෙකක් අමාත්‍යවරයින් දෙදෙනෙකුගේ අනුදැනුම මත වෙනත් පාර්ශවයකට අලෙවි කිරීමේ සිද්ධිය පිලිබඳව මාධ්‍යයට කළ ප්‍රකාශකට අදාලව පැවැත්වෙන විමර්ශනයේ දී ඇමතිවරයා මෙම ප්‍රකාශය ලබා දී තිබේ.
තමන් පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම විමර්ශන ඇරඹුණු බවත්, අදාල නිලධාරියා මාධ්‍යවෙත ලබාදුන් සෑම ප්‍රකාශයක් පිළිබඳවම තොරතුරු හා උධෘත ද සහිතව සම්පූර්ණ සාක්ෂි ගොනුව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කළ බවත් ඔහු පැවසුවේය.







