නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන දරුවන්ට බස්නාහිර සියලුම රෝහල්වල දී කොවිඩ් මර්දන එන්නත හෙට (27) සිට ලබා ගත හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.
මේ සතිය අවසාන වන විට සියලුම දිස්ත්‍රික්කයන්හි සංකූලතාවන් සහිත දරුවන්ට කොවිඩ් මර්දන එන්නත රෝහල් තුළ දී ලබා දීමට කටයුතු කරන බව එහි සභාපති ළමාරෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශාමන් රජේන්ද්‍රජිත් සඳහන් කරයි.
මේ අනුව අනෙකුත් පළාත්වල සිට සංකූලතාවන් සහිත දරුවන්ව බස්නාහිර පළාතට ගෙනැවිත් කඩිමුඩියේ එන්නත ලබා ගැනීමට කටයුතු නොකරන්නැයිද මහාචාර්යවරයා දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන දරුවන්ට මේ තාක් රෝහල් තුළ ලබා දුන් කොවිඩ් මර්දන එන්නතින් කිසිදු සංකූලතාවක් ඇති නොවූ බැවින් මෙතෙක් එන්නත්කරණය ලක් නොවූ දරුවන් සිටින්නේ නම් වහාම එන්නත ලබා දීමට කටයුතු කරන්නැයිද ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගන්නැයිද හෙතෙම සඳහන් කර සිටියි.