පොලිස් නිවස්නයට ගොස් සූර් වී බැරැක්කයට එන අතර අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් පුද්ගයෙකුගේ මුදල් කොල්ල කෑ ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් සහ තවත් පුද්ගලයෙක් කොටුව පොලිස් ස්ථානයේ පොලිස් මුරපොල නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (19) කොටුව පොලිස් ස්ථානයට භාර දී තිබේ.
මේ කොල්ලකෑම සිදුවී ඇත්තේ කොටුව දුම්රිය පල අසල මගී පාලම මතය.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියමින් පුද්ගලයින් දෙදෙනෙක් ගුවන් පාලම මතින් යන පුද්ගලයින් පරීක්ෂාවට ලක්කරමින් සිට ඇත.
ඔවුන් පුද්ගලයින්ගේ මුදල් පසුම්බි පවා පරීක්ෂාවට ලක්කරමින් සිට තිබේ.
මේ අතර සිය රාජකාරිය නිමවා රත්මලානේ තම නේවාසික ස්ථානය වෙත ගමන් කරමින් සිටි මුදල් අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහායක සේවයෙක් මෙම පුද්ගලයින්ගේ පරීක්ෂාවට ලක් වී තිබේ. ඔහුගේ පදිංචිය මිරිජ්ජවිලය. හැඳුනුම්පත පරීක්ෂා කිරීමෙන් අනතුරුව මුදල් පසුම්බියද පරීක්ෂා කර එය ආපසු ලබා දී ඇත.
හිමිකරු මුදල් පසුම්බිය දිගහැර බලන විට එහි තිබූ රුපියල් 8,800ක මුදල නැති වී ඇතිබව පෙනී ගොස් ඇත. ඒ පිළිබඳව තමන් පරීක්ෂා කළ පුද්ගලයින් දෙදෙනාගෙන් විමසන විට ඔවුන් එම පුද්ගලයාව බැණ පන්නාගෙන එම ස්ථානයෙන් පිටත් වීමට උත්සාහ කර ඇත.
කොල්ලකෑමට ලක්වූ පුද්ගලයා වහාම දිවගොස් සිද්ධිය පිළිබඳ කොටුව පොලිස් මුරපොලට පැමිණිලි කර තිබේ. පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක වී අදාල තැනැත්තන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කරන විට මෙම පුද්ගලයින් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ නිලධාරීන් නොවන බව හෙළි වී තිබේ.
අනන්‍යතා පරීක්ෂාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලෙස පෙනී සිටිමින් සිදුවීම මෙහෙයවූ පුද්ගලයා ජනාධිපති ආක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් රියදුරෙක් බව අනාවරණය වී ඇත. අනෙක් තැනැත්තා දවුලගහ ප්‍රදේශයේ පදිංචි සිවිල් පුද්ගලයෙකි.
ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියා සහ ඔහුගේ සහයකයා කොටුව පොලිස් ස්ථානයට භාරදීමට කොටුව පොලිස් මුරපොල පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබේ.







