සිරිල් ගාමිණි පියතුමා තමන් අතින් වූ වරදකින් රිමාන්ඩ් නොවී බේරෙන්නට දේශබන්දු තෙන්නකෝන්ගෙන් උදව් ලබාගෙන නීතිය නැවූ ආකාරය අද (21) මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් මාධ්‍ය ඉදිරියේ පැවසුවේය.
ඔහු මේ බව කීවේ අද ජනාධිපති ලෙකම් කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමනි. ගැලනිගම දි විසිතුරු මසුන් පැටවූ ලොරියක් අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී එවකට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එම ව්‍යාරිකයා කතා කළ බව සැබෑවක් යැයි කී ඇමතිවරයා ගැටලුවක් වූ විට ඉන් විසඳුමක් ලබා ගැනීමට මෙවැනි නිලධාරියෙකුට බොහෝ දෙනෙක් කතා කරන බව පැහැදිලි කළේය. මේ පරීක්ෂණ නිම කර ඇති සිද්ධිය සම්බන්ධව යළි යළිත් මාධ්‍ය සාකච්ඡා තබා ප්‍රශ්න කරන සිරිල් ගාමණී පියතුමගේ හැසිරීම අතාර්ක්ක බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.
එක්තරා දිනයක රාත්‍රියේ කොටහේන ප්‍රදේශයේ දී සිරිල් ගාමිණි පියතුමා පැදවූ රථයකට යතුරුපැදි කරුවෙක් ගැටී යතුරුපැදිකරුට තුවාල වූ බවත් අත් අඩංගුවට ගත් පියතුමා පොලිස් ස්ථානයට රැගෙන ගිය පසු කාදිනල් තුමා ලඟ සිටින තවත් පියතුමෙක් දේශබන්දු තෙන්නකෝන් අමතා මොනවා හෝ කර දෙන ඉල්ලූ බවත් ඇමතිවරයා කීවේය.
ඒ අනුව පහුවදා උදේ දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත සිරිල් ගාමිණී පියතුමා පොලිස් ඇප මත නිදහස් වූ බව කී ඇමතිවරයා කළ උදව්වට දේශබන්දුට ස්තුති කිරීමට ද සිරිල් ගාමිණී පියතුමා කටයුතු කළ බව කීවේය.
ඔවුන් කතා කරන්නේ කිසිම අවස්ථාව තමන් වරදක් නොකළ පුද්ගලයින් ලෙසින් වීම කණගාටුවට කරුණක් බව ද ඇමතිවයා පැවසුවේය.