බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතිඥ සංගමය නෙමෙයි… හැමෝම එකතු වෙලා කිව්වත් මම කියන දේ මම කියනවා… දේශබන්දු පොලිස්පති කරන්න අකමැති කුඩු කාරයිනගේ නීතිඥයො… ඇමති ටිරාන් නීතිඥ සංගමයට උත්තර දෙයි…

by editor
දෙසැම්බර් 21, 2023
in පුවත්
Tiran-Allas
Share on FacebookShare on Twitter

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහි වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවෙන් පෙනී ඉන්නා නීතිඥයින් අතලොස්සක් බව නීතිඥ සංගමය නොව කවරෙක් මොනවා කීවත් තමන් අදත් කියන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් අද ( 21) පැවසුවේය.

ඕනෑම පුද්ගලයෙක් වෙනුවෙන් නීතිඥවරයෙකුට පෙනී සිටීමට ඇති වෘත්තීය අයිතිය තමන් පිළිගන්නා බව කී ඇමතිවරයා තමන් කියන්නේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහි වන්නේ කුඩු ජාවාරම් කරුවන් වෙනුවෙන් පෙනී ඉන්නා නීතිඥවරුන් බවය.

අද ඒ සම්බන්ධව පිළිතුරු දෙමින් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් පැවසුවේ මෙවැන්නකි.

“මෙතුමා පත් කිරීමට අතලොස්සක් විරුද්ධ වුනා. ඇයි එහෙම කරන්නේ කියලා මම විශ්ලේෂණය කරලා බැලුවා. එතකොට මම දැක්කා මහා පාරිමාණ කුඩුකාරයින් වෙනුවෙන් පෙනී ඉන්නේ මේ පිරිසම බව. ඒකයි මම කිව්වේ.”

“එතකොට නීතිඥ මහත්තුරු කියනවා ඕනෑම නීතිඥ මහත්තයෙකුට ඕනෑම නඩුවකට පෙනී ඉන්න පුලුවන් කියලා. මම ඒක නෑ කිව්වේ නෑ. මේ කිව්වේ නඩුවලට පෙනී ඉන්න එපා කියලා නෙමෙයි. බැලුවාම ඒ අයම ( දේශබන්දු තෙන්නකෝන්ට  විරුද්ධ වන අය) තමයි මේ නඩුවලට පෙනී ඉන්නේ.  ඒක මම අදත් කියනවා.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඒක නීතියක් වශයෙන් සම්ප්‍රදායක් වශයෙන් තියන ගැටලුවක් නෙමෙයි.  මෙතන තියෙන්නේ සදාචාරය ගැන ප්‍රශ්නයක්.   නීතිඥ සංගමය නෙමෙයි සියලුම දෙනා එකතු වෙලා  කිව්වත් මා කියන දේ මං කියනවා.” ඇමතිවරයා කීවේය. මෙහෙයුමේ අරමුණ සහ ඉලක්ක පිළිබඳ අදහස් පළ කළ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් පැවසුවේ මෙවැන්නකි.

“කුඩු බෙදා හරින ජාලය සහ ඊට සම්බන්ධ පාතාලය ඉලක්ක කරගෙන මේ මෙහෙයුම දියත් කරලා තියෙන්නේ. මේ අවස්ථාවෙ කුඩු බොන අය ගැන අපි අවධානය යොමු කරන්නේ නෑ.  බුද්ධි අංශවලින් හදලා තිබුණා 4665ක ලිස්ට් එකක්. මම කිව්වේ මේ සියලු දෙනාම ගන්න. මේ දවස් හතර ඇතුළෙ ඒ ලිස්ට් එකෙන් 731ක් අරන් තියනවා. තවත් අයව අහුවෙනවා ලිස්ට් එකේ නැති අය හම්බවෙනවා. ඒ ඔක්කෛාම එක්ක 8451ක් අත් අඩංගුවට අරන් තියනවා ඊයේ රෑ 12 වෙනකොට. ඒකෙන්ම පේනවා මේ මෙහෙයුමේ සාර්ථකත්වය”

“නත්තලට දවස් දෙකක් සහ අලුත් අවුරුද්දට දවසක් විතරයි මෙහෙයුම නවත්වන්නේ. අපි මේක දිගටම කරනවා.”

“සමහර අය පොලිසියේ වැඩ විවේචනය කරනවා. සමහර අය හිතනවා . බලපෑම් වලට නවත්වයි කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. මේක පටන් ගන්න කලින් මම ජනාධිපති තුමා හමුවුනා. එතුමාට විස්තරය කිව්වා.  එතුමා කිව්වේ මොකක්ද?. මට ඕන කුඩුයි පාතලෙයි මේ රටෙන් තුරන් කරන්න. ඔයා ඕන ඇක්ෂන් එකක් ගන්න. මට කියන්න ඒකට ඕන දෙයක්  මොනවා හරි තියනවා නම්.   මට ඒක කියන්න. ජනාධිපතිතුමයි මමයි ඉන්නකම් මම හිතන්නේ නෑ කාටවත් බලපෑම් කරලා මේක නවත්වන්න පුලුවන් වේවි කියලා.”

‘ මොනම බාධක ආවත් මේ මෙහෙයුම කරනවා.  පැනලා හැංගෙනන හදන්න එපා. ඒ වෙලාවට මොනවා වේවිද කියන්න බෑ. “ . ඇමතිවරයා අවසාන වශයෙන් කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යළිත් කොවිඩ් පැතිරෙමින් ඇති බව මගේ අනුමානයයි!… මුව ආවරණ පළඳින්න හුරු වීම වඩාත් සුදුසුයි… මහාචාර්ය චන්දිම ජීවන්දර කියයි.  

Next Post

සිරිල් ගාමිණී පියතුමා රිමන්ඩ් නොකර එළියට දාන්න කාදිනල් හිමිගේ සමීපතමයෙකුගේ ඉල්ලීමට දේශබන්දුට නීතිය නමන්න වුන හැටි ඇමති කියයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.