බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියඹලාණ්ඩුව සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීම සම්බන්ධව ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කළ විදුලි බල ඇමතිට නොතීසි යවන්න අධිකරණයෙන් නියෝග!

by editor
පෙබරවාරි 21, 2025
in පුවත්
"Energy Minister Punya Sri Kumara Jayakody Corruption Case
Share on FacebookShare on Twitter

සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේ සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් ලබාදීමේදී අඩුම ලන්සුව ඉදිරිපත් කළ ටෙන්ඩර්කරු නොසලකා වැඩිම ලංසුව ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුට අදාළ ටෙන්ඩරය ලබාදීම නිසා රජයට රුපියල් බිලියන තුනකට අධික අලාභයක් සිදුවන බවට අධිකරණය හමුවේ ගොනුවී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා විදුලිබල හා බලශක්ති ඇමැති කුමාර ජයකොඩි ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20 දා) නියෝග කළේය.

පෙත්සම්කාර පාර්ශ්වයේ වියදමින් ලබන 24 දාට පෙර කුරියර් සේවාව ඔස්සේ එකී නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසට එස්. තුරෙයිරාජා හා සම්පත් බී. අබේකෝන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය.
එකී ටෙන්ඩරය මගින් සිදුවන අති විශාල පාඩුව මෙන්ම අනෙකුත් කරුණු අනුව විශාල මහජන උනන්දුවක් ඇති බවත්, හදිසි කටයුත්තක් සේ සලකා කඩිනමින් එහි සඳහන් කරුණු තහවුරු කිරීමට දින ලබාදෙන ලෙසට පෙත්සම්කාර මිලින්ද
ප්‍රසන්න මඩුගල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරේන් ප්‍රනාන්දු විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

පෙත්සමේ සියලු වගඋත්තරකරුවන්ට නොතීසි සහ පෙත්සමට අදාළ ලේඛන යැවීමට පියවර ගත් බවද නීතිඥ සුරේන් ප්‍රනාන්දු විනිසුරු මඬුල්ලට වැඩිදුරටත් දැනුම් දුන්නේය. කෙසේ නමුත් එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ දසවැනි වගඋත්තරකරු ලෙස නම්කොට තිබූ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥවරයකු අධිකරණය හමුවේ පෙනී සිටි අතර සෙසු විත්තිකරුවන් නමදෙනා හෝ ඔවුන් වෙනුවෙන් කිසිදු නීතිඥ නියෝජනයක් නොතිබිණි.

ඒ අනුව ඇමැති කුමාර ජයකොඩි, ලංකා විදුලිබල මණ්ඩලය, රිවිදනවි ප්‍රයිවට් ලිමිටඩ්, ලක්දනවි ලිමිටඩ්, වින්ස්පෝර්ස් ලිමිටඩ්, බ්ලු සර්කල් පුද්ගලික සමාගම, ඇතිමලේ ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම, මහාචාර්ය කේ. ටී. එම්. උදයංග හේමපාල (ලේකම් විදුලිබල අමාත්‍යාංශය) හා ඩබ්ලිව්. එම්. ඩී. එල්. ප්‍රනාන්දු (කැබිනට් මණ්ඩල ලේකම්) යන වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කෙරිණි.

සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේ මෙගාවොට් සියයක විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ටෙන්ඩර් කැඳවා තිබූ බව මෙන්ම එම ටෙන්ඩර් කැඳවීමේදී ඉදිරිපත් වූ මිල ගණන් අනුව කිලෝවොට් පැයක් සඳහා ඇමරිකානු ඩොලර් 12.2 ක ටෙන්ඩරය ඉදිරිපත් කළ පෙරකී වගඋත්තරකාර සමාගමට එකී ටෙන්ඩරය ලබාදී තිබූ බව 2025.01.21 වැනිදා මාධ්‍ය මගින් තමා දැනගත් බවත්, පෙත්සම්කරු සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබිණි.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඇමරිකානු ඩොලර් ශත 8කට කිලෝවොට් පැයක විදුලිය සැපයීමට ඉදිරිපත් වූ සමාගම නොසලකා හැරීමෙන් එම අක්‍රමිකතාව ආරම්භ වී තිබූ බවත් සිය පෙත්සම මගින් පෙන්වා දී තිබූ පෙත්සම්කරු ටෙන්ඩරය ලබාගත් වගඋත්තරකාර සමාගම ඇමරිකානු ඩොලර් ශත 8ක මුදලකට විදුලිය ලබාදීමට එකඟ වී ඇති බවද අධිකරණයට පෙන්වාදී තිබිණි. කෙසේ නමුත් පෙරකී මුදලට අමතරව සම්ප්‍රේක්‍ෂණ පහසුකම් සැපයීම වෙනුවෙන් වසර දහයක් දක්වා කාලයකට අවශ්‍ය ප්‍රතිපාදන ගෙවීමට රජය එකඟ වී ඇතැයිද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්කරු පෙන්වා දී තිබිණි.

ටෙන්ඩරයේ සැපයුම් ගාස්තු ඇමරිකානු ඩොලර් ශත 8 දක්වා අඩු කළත්, සම්ප්‍රේෂණ පහසුකම් ගාස්තු ටෙන්ඩරය ලබා ගැනීමේදී අති විශාල ලෙස ඉහළ දැමීම නිසා රජයට රුපියල් බිලියන 3.3ක අලාභයක් සිදුවන බවත් වගඋත්තරකරුවන්ගේ එකී අනිසි ක්‍රියාව නිසා රජයට සිදුවන හානියේ අලාභය වක්‍රව ගෙවීමට සිදුවනුයේ රටේ පොදු ජනතාවට බවත් පෙත්සම්කරු එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් පෙන්වාදී තිබිණ. එබැවින් තමන්ගේ මූලික අයිතිවාසිකම් එමගින් උල්ලංඝනය වන්නේ යැයි තීන්දු කරනා ලෙසටද පෙත්සම්රු අධිකරණයෙන් ඉල්ලා තිබිණි. ( දිනමිණ – ඒ.ජේ.අබේනායක)

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුප්‍රකට ONMAXDT ජාවාරමේ ප්‍රධාන සැකකරු ඩුබායිවලදී අල්ලා ලංකාවට රැගෙන එයි!

Next Post

මිද්දෙණියේ කජ්ජා සහ දරු සිඟිත්තන් දෙදෙනා ඝාතනයට පොලිස් කොස්තාපල් පුද්ගලයෙක් ඇතුළු 03ක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.