“ONMAXDT ප්‍රයිවට් ලිමිටඩ්” නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් නීතිවිරෝධී ආකාරයේ පිරමීඩ මූල්‍ය වංචාවක් කර රුපියල් කෝටි 3000ක් වංචා කළ කුප්‍රකට ONMAXDT වංචාවේ ප්‍රධාන සැකකරු වු ගයාන් වික්‍රමතිලක (33) ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන විත් ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (21) උදෑසන ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත.
ONMAXDT මූල්‍ය ජාවාරමට පුද්ගලයන් දෙලක්ෂ විසි දහසකට ආසන්න පිරිසක් හසුවී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම්දී තිබුණි.
නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදුකරන OnmaxDT පරිගණක දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක් සැකකරුට එල්ලවී වූයේය. මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටිය දි 2023 වසරේ දි විදේශගත වි තිබිණි.







