රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ගෝනගල කන්ද ප්‍රදේශයේ පිහිටි ග්‍රීන් එකෝලොජ් නැමැති හෝටලයට ගිනි තැබූ සැකකරුවන් සිව් දෙනෙකු කොළොන්න පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ පිළිබඳ කළ විමර්ශනවලදී මෙම හෝටලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුතු වූ රෝහිත රාජපක්ෂට අයත් එකක් බව අනාවරණය වී ඇත.
පසුගිය මැයි 9 වෙනිදා අරලියගහ මන්දිරයේ සිට පැමිණි මැර පිරිසක් විසින් ගාලු මුවදොර සාමකාමී විරෝධතාවයට කළ ප්‍රහාරයෙන් පසු රට තුළ ඇති වූ ගිනි තැබීමේ සිද්ධීන් සමගාමීව මැයි 10 වැනිදා සිදුව ඇති අතර ඒ පිළිබඳ කළ විමර්ශනවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් කළ වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ හෝටලය රෝහිත රාජපක්ෂට අයත් එකක් බවයි.
මීට පෙර මෙම හෝටලය රාජපක්ෂ පවුලේ දෙවන පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂට අයත් බවට මාධ්‍ය වාර්තා පළ වූ අතර එම හෝටලය සිංහරාජ වනාන්තරයේ පැවැත්මට හානි සිදුවෙන බවට පරිසරවේදීන්ගේ චෝදනාවන්ට ද ලක් විය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 – 50ත් අතර වන අතර වැඩිදුර විමර්ශන කොළොන්න පොලීසිය මඟින් සිදු කරයි.
මේ ලිපියත් බලන්න…
සිංහරාජය පහරා ගොංගල වනසන මිතුරෙකුගේ නමින් ඇති යෝෂිතගේ හෝටලය…







