ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (Mizukoshi Hideaki) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (24) පෙරවරුවේ සිදු විය.
ජපාන අධිරාජයා වන හිරොනොමියා නරහිතෝ (Hironomia Narahito) මහතාගේ සුභාශීංසන පළමුව රනිල් වික්‍රමසිංහ වෙත පිරිනැමූ ජපාන තානාපතිවරයා ඔහු සමග සුහද කතා බහක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන “සැන්ප්‍රැන්සිස්කෝ සාම සමුළුව” අමතා වසර 70ක් සපිරීම නිමිත්තෙන් ජපාන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක්ව සංවිධානය කරන විශේෂ සැමරුම් වැඩසටහනක් එළැඹෙන සැප්තැම්බර් 06 වනදා පැවැත්වෙන අතර එම කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.







