සැප්තැම්බර් 21 වැනිදායින් පසු ප්‍රධාන මැති ඇමතිවරුන් 80 දෙනෙකු පමණ රට හැර යාමට සුදානම් වන බවට වාර්තා පළ වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් අනාවරණය කරයි.
“මුලදී ඔය ඇමැතිවරු හිටියේ රනිල් වික්‍රමසිංහගේ වේදිකාවේ… දැන් කවුද ඉන්නේ.. ඉස්සර මාධ්‍ය ප්‍රකාශකයෝ වගේ හිටපු අය හිටියා.. දැන් කවුරුත් නැහැ.. ඒ හැමෝම රනිල් වික්‍රමසිංහගේ ඇත්ත ස්වභාවය තේරුම් අරන්.. අපිට තියෙන තොරතුරු අනුව ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අහිමි වීම ගැන බොහෝ පසුතැවිලි වෙනවා. ඔවුන්ට අද රනිල් වික්‍රමසිංහ සමඟ ඉදිරියට යා නොහැකි බව අවබෝධ වී තිබෙනවා.
මෙම පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙකු දැනටමත් වීසා ලබාගෙන ඇති අතර ඔවුන් රට හැර යාමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
“ඔවුන්ගෙන් 80ක් පමණ දැනටමත් වීසා ලබාගෙන. ඔවුන්ට දැන් තේරෙනවා රනිල් වික්‍රමසිංහ තමන්ගේ ආරක්ෂකයා නොවන බව. රනිල් වික්‍රමසිංහ ඔවුන්ව යොදාගෙන කරේ උඩට නැගලා අනුර කුමාරගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව ඔවුන්ට පැහැදිලියි,” රහ්මාන් වැඩිදුරටත් පැවසීය.
මෙම හෙළිදරව්ව සිදුවන්නේ සැප්තැම්බර් 21 වැනිදා එළැඹෙන ජනාධිපතිවරණයත් සමඟ ශ්‍රී ලංකාව සැලකිය යුතු දේශපාලන වෙනස්කම්වලට එළඹෙමින් සිටින තීරණාත්මක අවස්ථාවකදීය. (නිව්ස් ෆස්ට්)







