අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැත්කම්වලින් පසු රෝගීන් ගණනාවක් මිය ගිය දොස්තරගේ සැත්කමින් පසු මියුසියස් විද්‍යාලයේ ගුරුවරිය මරුට!

by editor
ජූනි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සැත්කම්වලින් පසු රෝගීන් ගණනාවක් මිය ගිය බවට චෝදනාවන්ට ලක්ව ඇති වෛද්‍යවරයෙකුගේ සැත්කමකින් පසු 29 හැවිරිදි උපාධිධාරි ගුරුවරියක  මිය යාමේ පුවතක් කැලණියෙන් වාර්තා විය.

මෙසේ මියගොස් ඇත්තේ, කැලණිය, නාතුඩුව, සයිමන් මාවතේ පදිංචිව සිටි කලණි ඉරෝෂා පෙරේරා නමැත්තියකි.

ඇය කොළඹ මියුසියස් විද්‍යාලයේ සෞඛ්‍ය හා ක්‍රීඩා අංශයේ ගුරුවරියකි. ඇය නව පත්වීම ලබා මාස පහකට පසු මෙම සැත්කමට භාජන වී රෝහල්ගත වූ බව ත් පිත්තාශයෙත් පිත්ත නාළවල ගල් ඇතැයි පවසා එම ගල් ඉවත් කිරීමට සැත්කමකට භාජන කිරීමෙන් පසු ඇය අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ වසර එකහමාරකට වඩා වැඩි කාලයක් සිටි බව ත් ඇගේ මවුපියෝ පවසති.

පුරා වසරකුත් මාස හතක් තිස්සේ රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ හා පුනරුත්තාපන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇය මියගොස් ඇත.

පුරා වසරකුත් මාස හතකට පසු පිත්තාශයේ සැත්කමකට ගිය දියණියගේ නිසල සිරුර ද රැගෙන නිවසට පැමිණි මවුපියන් තම උපාධිධාරී දියණියට අත්වූ අවාසනාවන්ත මරණය කාගේ වරදින් සිදුවූවක් ද යන පැනයට තවමත් පිළිතුරු සොයති.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කළනිගේ අම්මා කියන කතාව

කලණිගේ මව වන චන්ද්‍රානි නානායක්කාර 2021 නොවැම්බර් 25 වන දා සිට කලණි අවසන් ගමන් ගිය මේ මස 18 වන දා දක්වා සිදුවූ සියල්ල මාධ්‍ය හමුවේ පැවසුවේ, “අපිට අවශ්‍ය කරන්නෙ මේ දරුවගෙ අකල් මරණයෙන් පස්සෙ වත් සෞඛ්‍ය බලධාරීන්ගෙ ඇස් ඇරිලා මේ විධියට වගකීම් විරහිතව වැඩකරන වෛද්‍යවරුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම,” බව ය.

“පහුගිය 2021 ඔක්තෝබර් 25 දුවට බඩ රිදෙන්න ගත්තා. හුස්ම ගන්නත් අමාරුයි කියලා එයා ම ඊ චැනලින් කළා රාගම පෞද්ගලික රෝහලකට එන වෛද්‍යවරයෙක්. 26 වන දා ඔහුට පෙන්නුවා. එවේලෙ තමයි දැනගත්තෙ ඒ වෛද්‍යවරයා රාගම රෝහලේ සේවය කරන කෙනෙක් බව.

ඔහු බෙහෙත් දුන්නා. ඒවට අඩු වුණේ නෑ. 27 වන දා පාන්දර දුවට හොඳට ම අමාරු වුණා. අපි එවෙලෙ ම දුවව රාගම රෝහලට අරන් ගියා ම හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කරලා ස්කෑන් පරීක්ෂණයක් කරලා කිව්වා පිත්තාශයෙත් පිත්ත නාළයෙත් ගල් තියෙනවා කියලා. අපි මේ ඩොක්ටර්ව කලින් චැනල් කරපු නිසා එයාගේ වාට්ටුවට දුව ඇතුළු කළා. එන්ඩොස්කොපි පරීක්ෂණයක් කරලා 25 වන දා පිත්තාශයෙ ගල් ඉවත් කළා. මේ ශල්‍යකර්මයට නිර්වින්දන වෛද්‍යවරියන් දෙන්නකුත් සහය වෙලා තිබුණා. ශල්‍යකර්මයෙන් පස්සෙ දුවව දැඩිසත්කාර ඒකකයට දැම්මා. ඒත් දරුවාට පියවි සිහිය ආවේ නෑ. වෛද්‍යවරයාගෙන් ඇහුව ම කිව්වා වැඩි හොඳටයි දැඩි සත්කාරෙට දැම්මෙ ඉක්මනින් රිකවර් වෙයි කිව්වා. අපිත් රෑ දවල් දෙකේ දරුවා ළඟ ම හිටියා. මාස තුනක කාලයක් ළමයා දැඩිසත්කාරේ තියන් හිටියේ. ශල්‍යකර්මයෙන් පස්සේ මොළයට ඔක්සිජන් නොලැබීම නිසා හදවත නැවතී ඇති හේතුව මත දරුවා දැඩිසත්කාර ඒකකයට දාලා තියෙන බව අපි පස්සෙ දැන ගත්තා.”

“2022 ජනවාරි 25 වන දා ස්නායු වෛද්‍යවරයෙකුගේ භාරයේ පවතින තවත් වාට්ටුවට දුවව මාරු කළා. එතැන මාස එකහමාරක් හිටියා. ඊට පස්සෙ 2022 මාර්තු 18 රාගම පුනරුත්ථාපන රෝහලට මාරු කළා භෞතචිකිත්සක ප්‍රතිකාරවලට කියලා. මේ කාල සීමාවේ දියර වර්ග විතරයි මේ දරුවට බට මාර්ගයෙන් දුන්නෙ.”

“2022 නොවැම්බර් 5 වන දායින් පස්සෙ මගේ දරුවා අප්‍රමාණ වේදනා වින්දා. දරුවට දුන්නෙ දියර වර්ග විතරයි. ක්‍රියාශීලී ක්‍රීඩා නායිකාවක් වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත් ශල්‍යකර්මයක් නිසා ඇටසැකිල්ලක් වෙලා ඇඳක් උඩ අප්‍රාණිකව ජීවිතය ඉල්ලන හැටි බල බලා අපි හදවතින් මැරි මැරී උපන්නා.”

“පිත්තාශයේ ගල ඉවත් කරද්දී තාවකාලිකව බටයක් යොදා තිබුණත් ඒක නිසි කාල සීමාවේදී ඉවත් කිරීමක් කරපු නැති බව අපි පස්සෙ දැන ගත්තා. ඒ බව දැන ගත්තෙ සායනයේදී. එක්ස්රේ ස්කෑන් පරීක්ෂණ රාශියක් කරලා අවසානයේ නිර්වින්දන වෛද්‍ය සහයත් අරන් 2023 මැයි 6 වන දා මේ බටය සෑහෙන්න වෙහෙසක් අරන් සොයලා ඉවත් කරලා අපහසුතාවෙන් හිටපු රෝගියාව එක් දිනකින් ටිකට් කැපුවා. වෛද්‍යවරයන්මයි කිව්වෙ සෑහෙන මහන්සි වෙලා කාලයක් අරන් මේ බටය සොයා ගෙන ඉවත් කළේ කියලා.”

“මං අහන්නෙ මගේ දරුවට මේ බට දාපු වෛද්‍යවරුන්ට ඒ වගකීමෙන් ඉවත්වෙන්න පුළුවන් ද කියලා. ඔවුන් අපිව කිසි ම අවස්ථාවක එවැනි දෙයක් ගැන දැනුවත් කළේ නෑ. එහෙම කළා නම් හයමාසෙන් ඉවත් කරන බටේ අපි අවුරුදු එකහමාරකට වඩා තියෙන්න දෙනවා ද? 2023 මැයි 8 වන දා දුවට නැවත අමාරු වුණා. අපි නැවත දුවව රාගම රෝහලට ඇතුළු කළා. දෙතුන් වතාවක් දුවට ෆිට් එක හැදුණා. අපි රෝහලේ අධ්‍යක්ෂගෙන් ඉල්ලීමක් කළා දැඩිසත්කාර ඒකකයේ ඇඳකට දාන්න කියලා. අධ්‍යක්ෂ කියලත් දුවට දැඩිසත්කාර ඒකකයේ ඇඳක් ලැබුණේ නෑ. ”

“අවසානයේ ජීවිතයත් මරණයත් අතර මගේ දුව දඟලන හැටි ජීවිතය ඉල්ලලා අපි දිහා බලන හැටි අපි මැරි මැරී ඉපදෙමින් බලා හිටියා. ඒ ඇර රෝහල් වාට්ටුවක සාමාන්‍ය මිනිසුන් වූ අපි මොනවා කරන්න ද? මරණයේ වේදනාව විඳපු මගේ දුව මේ 18 වන දා රාගම රෝහලේ දැඩිසත්කාර ඒකකයේදී අවසන් හුස්ම හෙළුවා.”

“මගේ දුව උපාධිධාරී ගුරුවරියක්. මේ තත්ත්වෙට උගන්වන්න අපි මවුපියන් වශයෙන් අප්‍රමාණ කැපවීම් කළා.  ‍ෙදාස්තරට මගේ දරුවා තවත් ලෙඩෙක් විතරයි. ඒත් මේ වෛද්‍යවරුන්ගේ වරදින් සිද්ධ වුණු අකල් මරණෙන් රටට අහිමි වුණේ අමිල වස්තුවක්. අපි ඉල්ලන්නෙ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් මේකට සාධාරණ පරීක්ෂණයක්. තාවකාලික පැලැස්තර විසඳුමක් නෙවෙයි. මේ වගේ වෛද්‍යවරුන් අතින්වත් ජීවිත මරු වැළඳ ගන්න කලින් මේ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා දැනටමත් අපි සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අංශවලට ලිපි ඉදිරිපත් කරලා තියෙනවා.”

“ශල්‍යකර්මය සාර්ථක නම් දරුවාට මේ වගේ විපතක් වෙනවා ද අහන්න ගියා ම රෝහල් අධ්‍යක්ෂවරයා ශල්‍යකර්මය කරපු වෛද්‍යවරයා මෙන් ම එතැන හිටපු ආරක්ෂක නිලධාරීන් පවා අපිට කතා කළේ අන්තිම පහත් විධියට. නිර්වින්දන කරපු වෛද්‍යවරියන් දෙපළ අපිට කවදාවත් මුහුණ දුන්නේ නෑ.”

“මගේ දරුවා අසනීප වෙලත් එයා ගෙන් ඉගෙන ගත්ත දරුවන්ට රෝහලේ ඉඳගෙන ඔන්ලයින් පාඩම් කියලා දුන්නා. ඒ තරමට ම සේවයට කැපවුණු ගුරු මවක් අද රටට අහිමි වුණේ මේ වෛද්‍යවරයාගේ වරදින්.”

“මම රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත්තේ මගේ දුවව සනීප කරගන්න එයාගෙ ළඟ ම ඉඳලා. කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලයේ කළමනාකාර සහකාර සේවිකාවක් ලෙස වසර 34 සේවය කළා. මගේ මහත්තයා පෞද්ගලික ආයතනයක සේවය කළා. එයත් එතැනින් අයින් වුණා. දරුවා බලා ගත්තෙ අපි දෙන්නා එකතුවෙලා. පවුලේ බාලයා ගෑනු දරුවෙක්. එයාට අක්කගෙ වියෝව දරාගන්න බැහැ.”

“අපි කියන්නෙ ‍ෙදාස්තරලට රෝගීන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න දෙන්න එපා කියලා,” යැයි ඇය පැවසුවා ය.

1994 අගෝස්තු 7 වන දා උපන් කුඩා කළ පටන් ම ක්‍රියාශීලී දැරියක් ලෙස හැදීවැඩී ඇති අතර ඇය මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ, කොළඹ සංඝමිත්තා විද්‍යාලයෙනි. පසුව කොළඹ ගෝතමී විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ඇති කලණි අති දක්ෂ ක්‍රීඩිකාවකි. සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන ඇය හොකී කණ්ඩායමේ නායිකාව ලෙස ද කටයුතු කර ඇත.

( මව්බිම )

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොට්ටාවේ වෛද්‍ය රසායනාගාර සේවකයෙක් වෙඩි තබා ඝාතනය කරයි…

Next Post

කොස්ගොඩදීත් වෙඩි තබා කළ පුද්ගල ඝාතනයක්… අද උදේ වෙඩි තබා කළ පුද්ගල ඝාතන 02යි…

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.