අට්ටාලයක් කැඩීමේ වරදට පහර දීමේ වරදට සැක පිට අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරුන් සේම ගෙවල් ගිනි තැබූ මිනී මැරූ ත්රස්තවාදීන් ද අත්අඩංගුවට ගෙන සාධාරණයක් ඉටු කළ යුතු බව හිටපු ඇමති නාමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
ඔහු පැවසුවේ මේ වනවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡායාරූප සොයමින් අත්අඩංගුවට ගන්නා බවය. ඒ අත්අඩංගුවට ගැනීම්වලට සාපේක්ෂව මන්ත්‍රී නිවාස විනාශය කළ පුද්ගලයින් අත්අඩංගුවට පත් නොවන බවට ඔහු චෝදනා කළේය. මන්ත්‍රීවරුන් අත්අඩංගුවට පත්වනවා හා සමානවම ඒ අපරාධකරුවන් ද අත්අඩංගුවට පත් විය යුතු බව ඔහු කීවේය.
තමන් ද කටඋත්තරයක් දුන් බව කී නාමල් රාජපක්ෂ කිසිසේත්ම සිදුවෙමින් ඇති පරීක්ෂණවලට බාධා ඇති නොකරන බව පැවසුවේය.
මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
සී.අයි.ඩී කටඋත්තර ගන්න කියලා කියපු හැම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ම කටඋත්තර දීලා තියනවා. භාර වෙන්න කියපු හැම කෙනෙක්ම පොලිසියට භාර වෙලා තියනවා.
අපිට නීතිය කඩන්න කිසිම චේතනාවක් නෑ. නීතියෙන් හැංගෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. සාධාරණව මේ පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙනවා. මා ඇතුළු හැම කෙනෙක්ම අපට එන්න කියපු අදාල වෙලාවට ගිහින් කටඋත්තර දීලා මේ පරීක්ෂණ කටයුතුවලට සාධාරණයක් කරලා තියනවා.
අපේ කටඋත්තර සටහන් කරගන්නවා හා සමානවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්නවා හා සමානවම ප්‍රාදේශීය සභාවෙ මන්ත්‍රීවරුන්ගේ පින්තූර බලා අත්අඩංගුවට ගන්නවා හා සමානවම අනෙක් පාර්ශවයෙනුත් ගෙවල් ගිනි තියපු, අට්ටාලයක් කැඩුවා කියලා අත්අඩංගුවට ගත්ත මන්ත්‍රීවරු ඉන්නවා. පහර දීමක් කළා කියලා අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරු ඉන්නවා.සැක පිට. එහෙමනම් ගෙවල් ගිනි තියපු මිනී මරපු, ත්රස්තවාදීන් විදිහට හැසිරුණ අයත් අත්අඩංගුවට ගන්න කියලා මං කියන්නෙ.
මේ කිසිම වගකීමකින් කියනවා. අපි පරීක්ෂණ කටයුතුවලට මුහුණ දෙනවා වගේම ඊට සහයෝගය දක්වනවා.