පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වූ මාස තුන තුළ මෙරටින් ලාදුරු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයිද සමෙහි සැකකටයුතු ලපයක් ඇත්නම් ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යපාරයේ වට්ස්ඇප් අංකයට ඡායාරූපයක් එවීමෙන් ලාදුරු රෝගීයකුදැයි හදුනාගැනීමට හැකියාව ඇතැයිද ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර සදහන් කර සිටී.
එම කාල සීමාවේදී ප්‍රදේශ කිහිපයකින් ලාදුරු රෝගීන් 355 දෙනෙකු පමණ හදුනා ගෙන ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.වාර්තා වූ ලාදුරු රෝගීන්ගෙන් සියයට 10ක් පමණ ළමුන් වේ.
“පසුගිය වසරට සාපේක්ෂව ලාදුරු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් තියෙනවා. පසුගිය වසරේ මුල් මාස තුන ඇතුළේ අපට ලාදුරු රෝගීන් වාර්තා වුණේ 226ක් පමණයි. මේ අවුරුද්දේ මුල් මාස තුනේ අපිට ලාදුරු රෝගීන් 355ක් වාර්තා වුණා. එනම් 57%ක පමණ ප්‍රමාණයක්. රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. රෝගීන් 64ක්. මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 42ක් වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 42ක්, කළුතර 24ක්, ගාල්ල 24ක් ඊට අමතරව මේ හමුවුණ රෝගීන්ගෙන් 10%ක් පමණ ළමා ලාදුරු රෝගීන්.
ජනතාවට ලාදුරු රෝගය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා වට්ස් ඇප් දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බවත් යම් පුද්ගලයකුගේ ශරීරයේ යම් ලපයක් තිබේ නම් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් එම වට්ස්ඇප් ඇංකය ඔස්සේ දැනුම්දිය හැකි බවත් වෛද්‍යවරයා කීවේය. “ඒ ලපේ ඡායාරූපයක් පැහැදිලිව අරගෙන 075 408 8604 යන අපේ වට්ස්ඇප් අංකයට වට්ස්ඇප් කරන්න. ඒ සේවාව පටන් අරගෙන මාසයක් තුළ රෝගීන් 10දෙනෙක් සොයා ගන්න පුළුවන් වුණා ඒ සේවා තුළින් පමණක්. ලාදුරු කියන රෝගයට බය විය යුතු නැහැ”යැයිද වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියේය.