සෞදි අරාබිය විසින් මීට පෙර පාකිස්තානය සමඟ පැවැත්වූ ද්විපාර්ශවීය සම්බන්ධතා මේවන විට අවම මටම්මකින් පවත්වාගෙන යාමට පියවරගෙන ඇති බව නවමත වාර්තා මගින් අනාවරණය වේ.
ඒ අනුව පාකිස්තානය ගලවා ගැනීමට ප්‍රථමයෙන්ම පැමිණෙන රාජ්‍ය බවට පත්ව තිබූ සෞදි අරාබිය අද වන විට පාකිස්තානයෙන් දුරස්වීම සුවිශේෂී සිදුවීමකි. මෙලෙස සෞදි අරාබිය පාකිස්තානයෙන් දුරස්වීමට මූලිකම හේතුව වී ඇත්තේ පාකිස්තානය විසින් පසුගිය කාලය තුලදී සෞදි අරාබිය කෙරෙහි දැක්වූ අවිනිශ්චිත සහ අවිශ්වාස ශීලි ක්‍රියා කළාපයයි.
මෙම තත්ත්වයත් සමඟ සෞදි අරාබියේ පාලකයින් හට පාකිස්තානය සම්බන්ධයෙන් දෙවරක් සිතිය යුතු තත්ත්වයකට පත්ව ඇති බවටද අභ්‍යන්තර දේශපාලන වාර්තා අනාවරණය කරයි. ඒ අනුව තවදුරටත් පාකිස්තාන ආරක්ෂක අංශ වෙත සෞදි අරාබියෙන් හිමිවූ මූල්‍ය ආධාර අහිමි වී තිබේ.
මේවන විට රියාද් හි ප්‍රතිපත්තිවල සහ මූලෝපායන් හී දැඩි වෙනසක් සිදු වී ඇති අතර සහනාධාර කපා හැරීම සහ රජය සතු සමාගම් පුද්ගලීකරණය කිරීම වැනි ආර්ථික ප්‍රතිසංස්කරණයන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති තත්වයක් තුල තවදුරටත් සුබසාධන ප්‍රතිපත්තියක් කටයුතු කිරීමෙන් වැලකී තිබේ.
පාකිස්තානයට මේවන විට බලපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සපයන සහන පැකේජ ලබා ගැනීමට සෞදි අරාබියෙන් සහයක් හිමි වුවද එය හුදෙක් තාවකාලික තත්ත්වයක් වනු ඇති බවට අනාවරණය වේ.
ඒ අනුව පාකිස්තානයට ගෝලිය බලවතුන් ව සිටි සිය මිත්‍රයන් ක්‍රමක්‍රමයෙන් අහිමි වීමේ අවධානමක්ද නිර්මාණ්‍ය වේ ඇත.