අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැකකරුවන්ගේ  ඇට තලන්නට පොලිසියට ලයිෂන් දුන්නේ කවු ද?

by editor
අප්‍රේල් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

අමානුෂික ලෙස තරුණයෙකුට පහර දී ඔහුගේ මුලු ජීවිතයම අඳුරු කළ කාලකණ්ණි පොලිස් කුපාඩිකමක් මැදවච්චියෙන් වාර්තා වන්නේය. පොලිස් පහර දීමෙන් ඒ 23 හැවිරිදි තරුණයාගේ වෘෂණ කෝෂවලට ලේ බැසීමෙන් එක් වෘෂණ කෝෂයක් ඉවත් කිරීමට සිදු වී තිබිණි.

ඛේදවාචකය වන්නේ දිලීෂ සංගීත් නැමැති  වින්දිත තරුණයාගේ පියා ද පොලිස් සැරයන්වරයෙක් ලෙස පොලිසියේ සේවය කිරීමය. පසුගිය 07 වැනිදා සිදුවූ  මේ තුච්ඡ පොලිස් පහරදීමෙන් අනතුරුව තරුණයා දැඩි ශාරීරික අසීරුතා  මැද තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමිනි.

වින්දිත තරුණයා..

අපරාධයට සම්බන්ධ පොලිස් මැරයන් අතරින්  දෙදෙනෙක්  මේ වනවිට අත් අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අප්‍රේල් 16 දක්වා මෙසේ බන්ධනාගාරගත කර ඇත්තේ  මැදවච්චිය පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකි.

මැදවච්චිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් හය දෙනක්    තම පුතුගේ දෑත පිටුුපසට කර බැඳ, අමානුෂික අයුරින් පහර දීම හේතුවෙන් ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිදු කළ ශල්‍යකර්මයකින් අනතුරුව ඔහුගේ වෘෂණකෝෂයක් ඉවත් කිරීමට සිදු වූ බවය.

මේ වනවිට මේ තරුණ දරුවන් හොර කසිප්පු කාරයින් බවට පොලිසිය විසින් පත් කර ඇත. අපරාධයේ වින්දිත තරුණයා අපට කියන කතාව මෙසේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

“හත්වෙනිද මමයි මගේ යාලුවෙකුයි  බට්ටා ලොරිය හදාගෙන ආවා.  එන කොට රථවාහන පොලිස් නිලධාරීන් දෙන්නෙක් මාර්ගයේ හිටියා. වාහන ගොඩක් එතන නතර කරලා තිබුණා. අපි ඒ ස්ථානය පසු කරලා කිලෝමීටරයක් විතර දුරක් ගියාම ට්‍රැෆික් බයිසිකලයක් ඇවිල්ලා අපේ ඉස්සරහින් මඟ හරස් කරලා නතර කළා. නවත්තපු ගමන් මමයි යාළුවයි එළියට ඇදලාගත්තා. මගේ අත් දෙක පිටිපස්සට කරලා ගැටගහලා වාහනයට දාලා ගැහුවා, අපේ ලොරියට පිටිපස්සෙන් ආපු පොලිසියේ ත්‍රීවීල් එකක හිටපු හතර දෙනෙක් පොලුවලින් මගේ යාළුවට ගැහුවා. අපි මැදවච්චියේ පොලිසියට අරන් ගිහිල්ලා අත්අඩංගුවට ගත්තා.

ඒ වෙලාවේ මම ඒ මහත්තයලට කිවුවා මට ගොඩක් අමාරුයි, රෝහලට අරන් යන්න කියලා. ඊට පස්සේ වෛද්‍යවරයා ළඟට අරන් ගියාම, වෛද්‍යවරයා බලලා කිවුවා ගොඩක් අමාරුයි අනුරාධපුර ශික්ෂණ රෝහලට අරන් යන්න කියලා.

පස්සෙ අනුරාධපුර රෝහලේදී ස්කෑන් එකක් කරලා වෘෂණකෝෂවලට ලේ බැහැලා කියලා ඔපරේෂන් එකක් කළා. අපිට ගහපු හේතුවක් අපි දන්නේ නෑ. ඒ ට්‍රැෆික්ලා අපිට නතර කරන්න කිවුවලු. අපි දැක්කෙ නෑ. වාහන ගොඩක් නතර කරලා තිබුණා. මේ වෙන කොට මගේ බෙල්ල, කොන්ද, මූත්‍රාශය ප්‍රදේශයෙන් දැඩි වේදනාවක් දැනෙනවා.” තරුණයා ආයාසයෙන් පැවසුවේය.

කොරියා යන්න පාස්පෝට් එකත් හදන් හිටපු දරුවා… මව කියයි!

තරුණයාගේ මව  කේ.පී. ප්‍රියදර්ශනී ය. ඇය කතා කරන්නේ අඳෝනා නගමිනි.

“පුතා තව යාළුවෙක් එක්ක වාහනය හදාගෙන එන්න මැදවච්චියට ගියා, එතකොට පොලිසිය අත දාලා තියෙනවා, පුතාලා දැක්කේ නැහැ කියනවා. ඊට පස්සේ පිටිපස්සෙන් පන්නගෙන ඇවිල්ලා, වාහනෙන් එළියට ඇදලා අරන් පුතාගෙ අත් දෙක පිටිපස්සට කරලා බැඳලා, පයින් පාගලා පහර දීලා තියෙනවා. “

තරුණයාගේ මව  කේ.පී. ප්‍රියදර්ශනී

“ඊට පස්සේ මැදවච්චියෙන් අනුරාධපුර රෝහලට අරන් ඇවිල්ලා දැන් ශෛල්‍ය කර්මයකට භාජනය කරලා මගේ පුතාගේ වෘෂණකෝෂයක් අයින් කරලා… දෙයියනේ! ඒ ළමයගේ අනාගතේ ඉවරයි. මේ දුක මම කාට කියන්නද?

“රට යන්න පාස්පෝට් හදලා කොරියන් පාඨමාලාව හදාරමින් සිටියේ. ඊයෙත් පාඨමාලාව තියෙන දවසක්. මේ සම්බන්ධයෙන් අපි උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිලි කළා. මම මැදවච්චිය පොලිස් ස්ථානාධිපතිගෙන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන්, පොලිස්පතිතුමාගෙන්, ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලයි. මේ වගේ අපරාධයක් කරන්න තරම් මගේ පුතා වරදක් කරල නෑ.”

අම්මා කියන්නේ එවැනි කතාවකි. කෙසේ වෙත්ත පොලිසිය පවසන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් කතාවකි. පොලිසිය විසින් නිකුත් කළ නිල නිවේදනයේ ඇත්තේ ද ඒ කතාවය.

මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.අයි.බී. රත්නායක  දිනමිණ පුවත්පතට මෙසේ ප්‍රකාශ කර තිබිණි.

“මේ සිද්ධිය පසුගිය 7 වෙනිදා තමයි සිද්ධ වෙන්නේ. මැදවච්චිය, මන්නාරම මාර්ගයේ ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේ රථවාහන අංශයේ නිලධාරීන් දෙන්නෙක් රාජකාරි කරන කොට බට්ටා වර්ගයේ ලොරි රථයකට නතර කරන ලෙස සංඥා කරද්දී අණ නොතකා ධාවනය කරනවා.

ඒ අවස්ථාවෙදි පොලිස් ත්‍රිරෝද රථයක සිටි නිලධාරීන් ඒ සිද්ධිය දැකලා ලොරිය පසුපස ලුහුබඳිනවා. ඉන් පසු කිලෝ මීටර් නවයක් පමණ දුර යනවා. එක නිලධාරියෙක් ලොරියේ දොරේ එල්ලිලා තියෙනවා. ඒත් නතර කරලා නැහැ. අන්තිමට තුලාවේලි අතුරුපාරකදී ලොරිය නතර වෙනවා. ඊට පස්සේ අපේ කට්ටිය ගිහින් අල්ලගන්නවා.

පස්සේ රියැදුරා කලහකාරි ලෙස හැසිරිලා තිබෙනවා. රියැදුරා බීමත්ව රිය ධාවනය කර තිබෙනවා. රිය සහායක ලීටර් පහේ නීති විරෝධී මත්පැන් බූලියක් බිමට හලා තිබෙනවා ලොරියෙ යන කොට. රියැදුරු බලපත්‍රයක් නැතිව රිය ධාවනය, බීමත්ව රිය ධාවනය, අපරීක්ෂාකාරි අන්දමින් රිය ධාවනය, අණ නොතකා රිය ධාවනය සම්බන්ධයෙන් මේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබුණා. රය සහායකයා නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

“රියැදුරා පොලිසියට ඇතුළත් කළාම වෘෂණකෝෂය ඉදිමිලා කියලා කියනවා. අපි ඊට පස්සේ රෝහල්ගත කරනවා. පොලිස් නිලධාරීන් කියන්නේ ඔවුන් ගැහුවෙ නෑ කියලා. මේ සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල සමන් වික්‍රමනායක   යටතේ විමර්ශනයක් සිදු කරනවා. සිද්ධියට සම්බන්ධ රථ වාහන අංශ නිලධාරීන් දෙදෙනා වෙනත් පොලිසි දෙකකට මාරු කර යවා තිබෙනවා

ඊයේ පොලිසිය කීවේ එවැනි කතාවකි. පහළ පොලිසිය විසින් මේ සම්බන්ධව සිය නිල නිවේදනය ප්‍රකාශ කර ඇත.

මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.අයි.බී. රත්නායක පවසන ආකාරයට පොලිස් අණ නොතකා ධාවනය කළ රථයක් හඹා ගොස් අත් අඩංගුවට ගත් පසු රිය පැදවු තරුණ රියදුරාගේ වෘෂණ කෝෂ ඉදිමෙන්නේය. පොලිසිය පහර දෙන්නේ නැත. ඉබේම ඉදිමෙන්නේය.

මේවාට කියන්නේ පොලිස් කුණුහරප කියාය.  පොලිසිය මේ කියන ආකාරයේම බරපතල මෙහෙයුමක් සිදුකර බීමත් කසිප්පු කාරයින් දෙදෙනෙක් අත් අඩංගුවට ගත්තා යැයි උපකල්පනය කළත් උන්ගේ ඇට තලන්නට පොලිසියට ලබා දුන් ලයිෂන් එක මොකක්දැයි මේ රටේ සිවිල් වැසියන් ලෙස විමසා සිටිමු.

දෙයියන්ගේ නාමයට මේ බිහිසුණු කුපාඩිකම නැවැත්විය යුතුය. ආරංචි මාත්‍රයක් ලද පමණින් අත් අඩංගුවට ගෙන සැකකරුවන් මරා දමන තැනට පොලිසිය පත්වී ඇති බවට එල්ලවන බිහිසුණු සමාජ චෝදනාවක් තිබේ. පොලිස් වෙඩි පහරින් ඝාතනය වූ ගුවන් හමුදා රග්බි ක්‍රීඩකයාගේ මරණය බොහෝ ප්‍රශ්නකාරී තැන් මතුකරන බවට වූ සමාජ කථිකාවක් නිර්මාණය වී තිබෙන්නේය.

බොහෝ වැදගත් මිනිසුන් සහිත මේ රටේ වෘත්තිය පොලිසිය  සමාජයෙන් නින්දා විඳින තැනට ඇදවැටිම ඛේදවාචකයක් බව ලියා තබමු.

පොලිසියේ නිල නිවේදනය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

  අද සවස ප්‍රබල  අකුණු අනතුරු … කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  රතු නිවේදනයක්!

Next Post

වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය බාල්දු කර MBBS විකුණන්න යන කොතලාවල අපරාධය කරන්න එපා… වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව රජයට අනතුරු අඟවයි…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.