කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසන් ප්‍රබල අකුණු පිළිබඳ ප්‍රබල අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද පස්වරු 2 ට මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කරන්නේ රාත්‍රී 11.30 තෙක් වලංගුවන පරිදිය. බරපතල අනතුරු ඇඟවිම් සහිත මෙම රතු නිවේදනය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කව සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී ගිගිරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ විශාල හැකියාවක් පවතින බවය.
ගිගිරුම් සහිත වැසි ඇතිවනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටින ලෙසත්, කුඹුරු තේ වතු ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වලකින ලෙසත්, රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වලකින ලෙසත්, බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වලකින ලෙසත් එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
එමෙන්ම තද සුළං හේතුවෙන් ගස් සහ විදුලි රැහැන් ඇදවැටීමට ඇති ඉඩකඩ ගැන සැලකිලිමත්ව සිටින්නැයි දන්වා සිටින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හදිසි අවස්ථාවක දී ප්‍රාදේශීය ආපදා නිලධාරියෙකුගේ සහය පතන ලෙස ද දන්වයි.