අනවසරයෙන් ඇතුළුවීමේ උත්සාහයක දී අල්ලා ගත් යුක්රේන විශේෂ මෙහෙයුම් බලකා භටයෙක් කියෙව්හි කමාන්ඩෝ ක්‍රියාකාරකම් සඳහා බ්‍රිතාන්‍ය මැදිහත්වීම පිළිබඳ බුද්ධි තොරතුරු ලබා දී ඇති බව රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) අද (11) ප්‍රකාශ කළ බව වදෙස් බුද්ධි වාර්තා සඳහන් කරයි.
යුක්රේන හමුදා සේවයේ සාමාජිකයා වයස අවුරුදු 38 ක් වන එව්ගනි ගෝරින් ලෙස හඳුනාගෙන ඇත.
ඔහු සහ යුක්රේන විශේෂ මෙහෙයුම් බලකායේ 73 වන නාවික විශේෂ කාර්ය මධ්‍යස්ථානයේ සෙසු කමාන්ඩෝ භටයින් Kherson කලාපයේ කළු මුහුදේ දිගු වැලි තීරුවෙහි පිහිටා ඇති ටෙන්ඩ්‍රා ස්පිට් වෙත ගොඩබෑමට උත්සාහ කිරීමේදී රුසියානු හමුදා විසින් අල්ලා ගන්නා ලදී.
ඔවුන් එංගලන්තයේ බුල්ෆෝර්ඩ් කඳවුරේදී කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබා ඇති බව ඔහුගේ සම්මුඛ සාකච්ඡාවලදී ගෝරින් තහවුරු කළේය.
බ්‍රිතාන්‍ය හමුදා උපදේශකයින් කළු මුහුදේ ගෑස් යන්ත්‍රයකට ප්‍රහාරයක් සඳහා මෙහෙයුම් සැලසුම් සකස් කර ඇති බව ද ඔහු හෙළි කර ඇත
එම ප්‍රකාශයේ යුක්‍රේන මෙහෙයුම කවදා සිදු වූයේද යන්න නිශ්චිතව සඳහන් කර නොමැති නමුත් අදාළ යන්ත්‍රය නම් කර ඇත. එම ගෑස් යන්ත්‍රය 2014 සිට රුසියානු පාලනය යටතේ පවතී.
කියෙව්හි නිලධාරීන් 2018 දී කියා සිටියේ රුසියානු හමුදාව විසින් එහි රේඩාර් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බවය.