අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය බාල්දු කර MBBS විකුණන්න යන කොතලාවල අපරාධය කරන්න එපා… වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව රජයට අනතුරු අඟවයි…

by editor
අප්‍රේල් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

වසර 4කට අධික කාලයක් ගත් වී මුත් තවමත් නිසි ආකාර වෛද්‍ය පීඨයක් හෝ ශික්ෂණ රෝහලක් නොමැති මොරටුව වෛද්‍ය පීඨය, අවසන් වසර මහාචාර්ය ඒකක අඩුපාඩු හේතුවෙන් පීඩා විදින වයඹ වෛද්‍ය පීඨය සහ සබරගමුව වෛද්‍ය පීඨය, මෙම වසරේ ආරම්භ කරන ලද භෞතික හා මානව සම්පත් ආශ්‍රිත ගැටලූ රාශියක් සහිත ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨය සහ සමස්තයක් ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අර්බුදය මෙන් ම අනධ්‍යයන සේවක ගැටලූ වලින්, සමස්ත රාජ්‍ය වෛද්‍ය පීඨයන් පීඩා විදින වටපිටාවක් තුළ දී, රජයේ මූලික අරමුණ විය යුත්තේ ඒවාට ප්‍රතිපාදන සැපයීම මිස, දේශපාලකයින් සහ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේ සුඛ විහරණය සහ මිලිටරි ව්‍යූහයන් තෘප්තිමත් කිරීම නොවන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රිකායාරි කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

නිදහස් අධ්‍යාපනය මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවය ද වනසමින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට ආණ්ඩුව දරන උත්සාහය අතිශයින්ම මුග්ධ එකක් බව සහේතුකව පෙන්වා දෙන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රිකාරි කමිටුව ඉතිහාසය පුරාම සිදුවූවාක් සේ දිවි හිමියෙන් සටන් කරමින් එම මුග්ධ උත්සාහය පරාජය කරන බවට සපථ කරයි.

එම කමිටුව විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

මාධ්‍ය ප්‍රකාශය

නිදහස් අධ්‍යාපනය – නිදහස් සෞඛ්‍යය වනසමින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා
වෛද්‍ය උපාධිය මුදලට විකිණීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පිළිබඳ ව
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ස්ථාවරය

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය සිවිල් සිසුන්ට මුදලට ලබා දීම සඳහා ප්‍රකාශ කෙරුණු කැබිනට් තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මඟින්   ඊයේ  (10.04.2024) ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨ පරිශ්‍රයේ දී, මාධ්‍ය හමුවක් කැඳවනු ලැබීය. එහි දී, මෙම කැබිනට් තීරණය මඟින් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය අංශයන් හි පවතින ගැටලූ උග්‍ර වන ආකාරයත්, රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනයට ඇති වන බලපෑමත්, මෙම කැබිනට් තීරණය පිටුපස පවතින පටු පෞද්ගලික දේශපාලන අවශ්‍යතාවයන් සම්බන්ධයෙනුත් අදහස් පළ කෙරිණි.

1981 අංක 68 දරන කොතලාවල ආරක්ෂක විද්‍යාල අභ්‍යාස ආයතන පනත මගින් ආරක්ෂක අංශයන් හි නියත පුද්ගලයන් සඳහා අවශ්‍ය අධ්‍යාපනය ලබාදීමේ අරමුණ මූලික ව ආරම්භ කරන ලද සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා, පසුකාලීන ව නොයෙකුත් ආණ්ඩු මගින් ගෙන එන ලැබූ සංශෝධන මගින් වෛද්‍ය අධ්‍යාපනය සිවිල් පුද්ගලයන්ට මුදලට විකිණීමට තැත් කෙරිණි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

2018 අප්‍රේල් 11 වෙනි දින ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරි පත් කරන ලද මේ ආකාර යෝජිත සංශෝධන අඩංගු කොතලාවල පනත ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයෙන් එල්ල වූ දැඩි විරෝධතාවයන් හමුවේ හකුලා ගැනීමට ආණ්ඩුවට සිදු විය. නැවත වරක් 2021 සහ 2022 වසරවල කොතලාවල පනත සංශෝධනයන්ට ගත් සියලූ උත්සාහ ව්‍යර්ථ වූ පසුබිමක, කූට ලෙස කැබිනට් මණ්ඩල තීරණයක් ලෙස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා මෙම වසරේ සිට වෛද්‍ය උපාධිය සිවිල් සිසුන්ට මුදලට ලබා දීම යන තීරණය, පෙරේදා දින (09.04.2024) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විසින් ඉදිරිපත් කරන ලදි.

ශ්‍රී ලංකාවේ දැනට පවතින රාජ්‍ය වෛද්‍ය විද්‍යාල 12 තුළ භෞතික, මානව සම්පත් ආශ්‍රිත ගැටලූ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අර්බුදය මෙන්ම අනධ්‍යයන සේවක ගැටලූ රාශියක් පවතින අවස්ථාවක ඒවා නොසලකා ආරක්ෂක අමාත්‍යංශයට ඉහත යෝජනා සම්බන්ධයෙන් ප්‍රතිපාදන වෙන් කිරීම ලාංකීය නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය තව දුරටත් වලපල්ලට ඇද දැමීමකි. එක පසෙකින් Lyceum, NSBM, SLIIT, GATEWAY වැනි යෝජිත පෞද්ගලික වෛද්‍ය විද්‍යාලත්, අනෙක් පසෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට ගනු ලැබූ තීරණයත්, ආණ්ඩුවේ ගජ මිතුරු හවුල් කිහිපයක පෞද්ගලික මූල්‍ය ලාභ ප්‍රයෝජන අරමුණ කරගෙන ලාංකේය රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනය බිල්ලට දීමක් ලෙස අපි දකින්නෙමු.

ඉහත සඳහන් ගැටලු වලට අමතර ව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ස්වාධීන ව, ආරක්ෂක අමාත්‍යංශය යටතේ, ආරක්ෂක සේවාවන් හී නියත අයවලූන් සඳහා අධ්‍යාපනය ලබාදෙන ආයතනයක් බැවින්, එහි දී සිවිල් සිසුන්ට ලබාදෙන වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය, ගුණාත්මක භාවය සහ මිලිටරි ව්‍යූහය පිළිබඳ ව පවතින්නේ ගැටලුකාරී තත්ත්වයකි.  2018 වසරේ දී ගැසට් කරන ලද වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් තවදුරටත් පවත්වාගෙන යන අයුරින් සිවිල් සිසුන් හට මුදලට වෛද්‍ය උපාධි පිරිනැමීමට නම් කොතලාවල ආරක්ෂක විද්‍යාලයෙහි භෞතික හා මානව සම්පත් ඉහළ නැංවීමට රජයට තවත් අධික පිරිවැයක් දැරීමට සිදු වන බව පැහැදිලි ය.

ආරම්භ කර වසර 4කට අධික කාලයක් ගත් වී මුත් තවමත් නිසි ආකාර වෛද්‍ය පීඨයක් හෝ ශික්ෂණ රෝහලක් නොමැති මොරටුව වෛද්‍ය පීඨය, අවසන් වසර මහාචාර්ය ඒකක අඩුපාඩු හේතුවෙන් පීඩා විදින වයඹ වෛද්‍ය පීඨය සහ සබරගමුව වෛද්‍ය පීඨය, මෙම වසරේ ආරම්භ කරන ලද භෞතික හා මානව සම්පත් ආශ්‍රිත ගැටලූ රාශියක් සහිත ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨය සහ සමස්තයක් ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අර්බුධය මෙන් ම අනධ්‍යයන සේවක ගැටලූ වලින්, සමස්ත රාජ්‍ය වෛද්‍ය පීඨයන් පීඩා විදින වාතාවරණයක් තුල දී, රජයේ මූලික අරමුණ විය යුත්තේ ඒවාට ප්‍රතිපාදන සැපයීම මිස, දේශපාලකයින් සහ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේ සුඛ විහරණය සහ මිලිටරි ව්‍යූහයන් තෘප්තිමත් කිරීම නොවන බව අපගේ අදහසයි.

එමෙන්ම, මීට පෙර, උතුරු – කොළඹ වෛද්‍ය විද්‍යාලය ජන සතු කිරීමේ සටන, SAITM සටන සහ කොතලාවල පනත ආදී රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනයට තර්ජන එල්ල වූ අවස්ථාවන් හී දී ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය පැවති සෑම ආණ්ඩුවකටම එරෙහිව සටන් මෙහෙයවා නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය සුරක්ෂිත කළා සේම, අද මෙන්ම හෙටත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, අනෙකුත් ශිෂ්‍ය සංවිධාන, විශ්ව විද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු, සිවිල් සංවිධාන සහ සියලූ ප්‍රගතිශීලී බලවේග සමඟ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් එක් ව නැගී සිටින බව සඳහන් කරන්නෙමු.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සැකකරුවන්ගේ  ඇට තලන්නට පොලිසියට ලයිෂන් දුන්නේ කවු ද?

Next Post

තරුණ සේවා සභාව යොදාගෙන කැත දේශපාලන ව්‍යාපෘති කරන්න එපා… සමාජවාදී තරුණ සංගමය ජනපතිට දන්වයි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.