මනම්පිටිය නිමල් ජයරත්න –
අද අවසන් වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් විභාගය අවසන් වූ පසු තමන් අධ්‍යාපනය ලැබූ දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් මගුල්දමන මහා විද්‍යාලයේ පන්තික කාමරවල විදුලි උපකරණ සහ විදුලි පංකා මෙන්ම වැසිකිලිවල දොරවල් කඩා තමන් එකෙත් අධ්‍යාපනය ලද පාසලට ලක්ෂ ගණනක අලාභයක් සිදුකර ඇතැයි විදුහල්පතිවරයා විසින් පැමිණිලි කර ඇතැයි, මනම්පිටිය පොලිසිය කියයි,
8 වෙනිදා විභාගය අවසන් වී සිය නිවෙස් වෙත යාමට පෙර එම පන්ති කාමරවල තිබූ විදුලි උපකරණ, විදුලි පංකා, මෙන්ම විද්‍යාලයේ වැසිකිලිවල දොරවල් රැසක් කඩා දැවැන්ත අලාභ හානියක් සිදුකර ඇති බවද මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.
මේ සම්බන්ධ විශේෂ විමර්ශනයක් සිදුකිරීමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය;
අප මේ පිළිබඳ දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා චන්දිමාලා වාසලමුදලිගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ එම සිදුවීම සත්‍යයක් බවත්, එලෙස විද්‍යාලයේ සම්පත්වලට හානි කර ඇත්තේ එම විද්‍යාලයේම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් පිරිසක් බවට විදුහල්පතිවරයා විසින් තහවුරු කර ඇති බවත්ය,
විභාග කටයුතු අවසන් වූ සැනින් සිදු වූ හානිය තක්සේරු කර එම දරුවන්ගේ දෙමව්පියන්ගෙන් පාඩුව පියවා ගැනීම සඳහා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසට අදාළ විදුහල්පතිවරයා දැනුවත් කර ඇති බවත්, මේ පිළිබඳ දරුවන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධ තමා දැඩි කනගාටුවට පත්වන බවත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය කීවාය.