මැතිවරණ කොමිසම ඇත්තේ මැතිවරණ කල් දමන්නට නොව, මැතිවරණ ජනතාව වෙනුවෙන් පැවැත්වීමට බවත්, මේ මැතිවරණ කොමිසමේ හැසිරීම අනුව එය රනිල් වික්‍රමසිංහගේ බළල් අතක්දැයි සැක සිතෙන බවත් ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනමතයට ඉඩ දෙනු! පළාත්පාලන මැතිවරණය වහා පවත්වනු! උද්ඝෝෂණය දහස් සංඛ්‍යාත ජන සහභාගීත්වයෙන් රාජගිරිය මැතිවරණ කොමිසන් කාර්යාලය ඉදිරිපිටදී අද (08) පැවැත්වුන අවස්ථාවේදී ය.
“සැණකෙළියට සල්ලි ඇතේ – ඡන්ද වලට සල්ලි නැතේ
බොරු කියලා රනිල් තෙමේ – ප්රජාතන්ත්රෙ දමයි වළේ”
“පරාජයට – බය හින්දා – පුංචි ඡන්දෙ හංඟනවා
ජන මතයක් නැති හින්දා – මර්දනයේ හැංඟෙනවා”
“ජන මතයට බය වෙනවා – පුංචි ඡන්දෙ වළකනවා
ආණ්ඩුවම ෆේල් නිසා – ප්රජාතන්ත්රෙ හකුළනවා”
“ජනතාවනි මේ අහන්න – පුංචි ඡන්දෙ දිනා ගන්න
ප්රජාතන්ත්රෙ බේරගන්න – අපිත් එක්ක එකතු වෙන්න… ” වැනි සටන් පාඨ සමගින් පැමිණි පිරිස වැලැක්වීම සඳහා රජය විසින් ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිණි.
මේ අතර එම විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද නිකුත් විය.
අනුර කුමාර දිසානායක ඇතුළු 26දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (07) එම නියෝගය නිකුත් කර තිබිණි.
වැලිකඩ පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව එම තහනම් නියෝග ආඥාව නිකුත් කෙරිනි. ඒ අනුව විරෝධතාකරුවන්ට ශ්‍රී ජයවර්ධනපුර පාර, කොට්ටේ පාර, සරණ පාර ඔස්සේ මැතිවරණ ලේකම් කාර්යාලය දෙසට ඇතුළුවීම තහනම් විය. .
මැතිවරණ ලේකම් කාර්යාලය ඉදිරියට පැමිණ පැවත්වූ විරෝධතාවයේ දී ජනතාව අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මෙසේ ද පැවසුවේය.
අදට හරියටම ඡන්දය කල් දාලා මාස තුනක් වෙනවා. තාම ඡන්දයට දිනයක් නෑ. ජනතාවට ඡන්දය දෙන්න තියන ප්රජාතන්ත්රවාදි අයිතිය උල්ලංඝණය කරලා රනිල් වික්‍රමසිංහ විකාර කතා කියමින් රට වටේ යමින් සිටිනවා. ලෝකය වටේ යමින් ඉන්නවා
ආණ්ඩුවට වගකීමක් තියනවා ජනතාවට ඡන්දයක් ලබා දෙන්න. ඒ වගේම මැතිවරණ කොමිසමට වගීකම්ක් තියනවා මේ ඡන්දය තියන්න එ ගොල්ලන්ගේ පැත්තෙන් මැදිහත් වෙන්න. නාමයෝජනා භාරගත්තේ ඒ ගොල්ලො. දින දුන්නේ ඒ ගොල්ලො. ඒ නිසා මැතිවරණ කොමිසම තමයි ප්‍රධාන බලය ලත් ආයතනය බවට පත්වෙන්නේ.
නමුත් අපට පෙනෙන විදිහට මැතිවරණ කොමිසම තමන්ට හිමි ඒ බලය ප්‍රමාණයට මැදිහත් වෙලා ජනතාවට අයිත මේ පුංචි ඡන්දය දිනා ගන්න කොමිසම පැත්තෙන් වන මැදිහත්වීම අඩුයි කියලා අපි හිතනවා.
රනිල් වික්‍රමසිංහ සල්ලි නෑ කියලා ඡන්දෙට ඡන්ය නොතියා ඉන්නවා. කොමිසම ඒක පිළිඅරන් ඡන්දයට සල්ලි ඉල්ලන්නේ නැතිව ඉන්නවා. කොමිසමට එහෙම අයිතියක් නෑ. ඒ නිසා මැතිවරණ කොමිසම වහාම තමන්ට හිමි බලය පාවිච්චි කරලා මේ කටයුත්ත කරන්න ඕන. අඩුගානේ මැතිවරණ කොමිසම ආණ්ඩුවට තමන්ට සල්ලි දුන්නේ නෑ කියලා නීතිමය ක්‍රියාමාර්ගයක්වත් ගන්න කටයුතු කළේ නෑ.
ඒ නිසා කොමිසමත්ත ජනාධිපතිට අවශ්‍ය තාලයට හැසිරෙනව ද කියන සැකය අපට තියනවා. ඒ නිසා අපි අවධාරණය කරන්න ආවේ මැතිවරණ කොමිසමට. ඔය ගොල්ලන්ට පඩි දෙන්නෙත් ජනතාවගේ බදු මුදල් වලින්. ඔයාල නඩත්තු වෙන්නේත් ජනතාවගේ සල්ලිවලින්. මැතිවරණ කොමිසක් තියෙන්නේ මැතිවරණ කල් දාන්න නොවෙයි. මැතිවරණ තියන්න.
ඒ නිසා මැතිවරණ කොමිසම තමන්ට හිමි බලය පාවිච්චි කරලා මේ පුංචි ඡන්දය දිනාදෙන්න මැදිහත් වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා.







