ශ්‍රියානි විජේසිංහ –
වෛද්‍යවරුන්ගේ උග්‍ර හිගය හේතුවෙන් කාසල් කාන්තා රෝහලේ රෝගී සත්කාර සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
වෛද්‍යවරුන් විදේශ ගතවීම , පුහුණුව සදහා විදේශ ගතවූ වෛද්‍යවරුන් නැවත මෙරටට නොපැමිණීම, හා විශ්‍රාම යාම හේතුවෙන් ප්‍රසව හා නාරිවේද වාට්ටුවල සත්කාර සේවාවන් හා නොමේරු ළඳරු ඒකකය, නිසීලෙස පවත්වාගෙන යාමේ බරපතල අසීරුතාවක් මතුවන බව රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසුවේය.
වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා අඩුකළහොත් මේ වසර අවසානයේදී රෝහලේ සිටින ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් පස්දෙනාම විශ්‍රාම යාමට සිදුවන බවත් එසේ වුවහොත් රෝහලේ රෝගී සත්කාර සේවාවන් බරපතල ලෙස බිදවැටෙනු ඇති බවත් හෙතෙම පැවසුවේය.