තමන්ට සහ රටේ පොදු දේපළවලට හානි නොකර ඉතා සාමකාමීව තම බලාපොරොත්තු සුන්වීම ප්‍රකාශ කරමින් සිදුකරන බලපෑම දිගටම පවත්වාගෙන යන ලෙස හිටපු විශිෂ්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ලෝක සම්භාවනට පත් තරග තීරකවරයෙක් වූ රොෂාන් මහානාම ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
As a true patriot of this country, I urge everyone to keep the pressure & show your disappointment in a very peaceful manner without harming yourselves and damaging any property of the country.
— Roshan Mahanama (@Rosh_Maha) April 7, 2022
“මේ රටේ සැබෑ දේශප්‍රේමියෙක් විදියට මම හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ තමන්ට හෝ පොදු දේපලවලට හානියක් නොවන පිරිදි ඉතා සාමකාමීව ඔබේ බලාපොරොත්තු සුන්වීම ප්‍රකාශ කරන ලෙසයි. මේ විරෝධයේ බලපෑම දිගටම පවත්වාගෙන යන ලෙසයි.“
“ මට අපේ රටේ බොහෝ නායකයින්ට පිළිබඳ ගෞරවයක් නෑ… අපේ නායකයින් ඔවුන්ගේ ක්‍රියාවන්ට වගකිව යුතු බව පෙන්වීමට අප එකතු විය යුතු බව මගේ අදහසයි.“
ජාති, ආගම්, දේශපාලන පසුබිම නොසලකා විරෝධතාවය පලකිරීමට සෑම පුරවැසියෙකුටම ඉදිරියට පැමිණෙන ලෙස තමන් ඉල්ලා සිටින බව ඔහු පවසයි.
Since I have no respect for most of the leaders of our country, I’m of the opinion that we have to come together to hold our leaders accountable for their actions. I request every citizen irrespective of race, religion or political background to come forward to join the protests. pic.twitter.com/JTPp2zHyz6
— Roshan Mahanama (@Rosh_Maha) April 7, 2022
රටේ පවතින තත්ත්වයට එරෙහිව මීට දින කිහිපයකට පෙර කොළඹ පැවති සාමකාමී මහජන විරෝධතාවයකට රොෂාන් මහානාම එක්විය.







