සෞඛ්‍ය සේවය බිඳවැටීමට විරෝධය පළ කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (7) දහවල් සංවිධානය කර තිබූ උද්ඝෝෂණට කිසිම ආකාරයකින් රජය විවේචනය කරන සටන් පාඨ හෝ ප්‍රකාශ ඇතුළත් නොකිරීමටත් එවැනි පාඨ සහිත බැනර් විරෝධතාවයේ දී ප්‍රදර්ශනය නොකිරීමටත් එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ උපදෙස් දී තිබේ.
එම උපදෙස් අනුව මෙම උද්ඝෝෂණයේ දී ඖෂධ හිඟය ගැන පමණක් වැඩි අවධානයකින් කතා කරමින් විරෝධතාවය පැවැත්වීමට සංගමයේ සාමාජිකයන් කටයුතු කර තිබේ.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කොළඹ ජාතික රෝහලේ සිට පා ගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශය කරා ගොස් රජය අපහසුතාවයට පත් නොකර යුතුකමක් ඉටු කිරීමට පැමිණියාක් සේ සිය විරෝධය පල කර පැමිණ ඇතැයි වාර්තා වේ.







