බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්තුතියි…  අපේ ක්‍රිකට් උණ නිට්ටාවට සුවයි… ඔය පුතාලා පරිස්සමින් ගෙදර එන්න!

by editor
නොවැම්බර් 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බලාපොරොත්තු වූ ආකාරයටම පරාදය.  හැමදේම කෙළවුන රටේ ක්‍රිකට් විතරක් නොකෙළවෙනු ඇතැයි  සිතා සිටි අපි හැමොටම දැන් අම්බානක් සැපය.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා දිනකට වැයවන මුදල රුපියල් දෙකෝටි පනස් හත්ලක්ෂයකි. දල වශයෙන් විනාඩියක වියදම රුපියල් ලක්ෂයකි. ක්‍රිකට් රැක ගැනීම වෙනුවෙන් ඊයේත් අදත් දවස් දෙකේ කෝටි පහකට වඩා වියදම් කරමින් විවාද කර අවසන් වනවිට අප ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන විනෝද චාරිකාව නිමා කරමින් නවසීලන්තය සමග පැවති අවසන් තරගයක් කුජීත වෙන්නට පරාදය.

තරග 09ක් සෙල්ලම් කළේය.  නෙදර්ලන්තය සහ එංගලන්ත තරග දෙක පමණක් ජය ගත්තේය. පරාජයන් වුවත් එසේ මෙසේ පරාජයන් නොවේ. ලෝක වාර්තා තබමින් පරාද වුනේය.  තරගාවලියේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම අපය. ඒ ඉන්දියාව සමග පැවති තරගයේ දී  ය.  වැඩිම ලකුණු ගණනක් ලබා දුන් කණ්ඩායම අපය. ඒ දකුණු  අප්‍රිකාව සමග පැවති තරගයේය. , වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් පරාජය කළ කණ්ඩායමත් අපය. ඒ පකිස්ථානය සමග පැවති තරගයේ දී ය.

ලෝක කුසලානයෙන් පළමු වටයෙන්ම විසිවී යන්නේත්     චප්ප චපිරි වෙලාය .  ලෝක කුසලානයට සුදුසුකම් ලැබුණේ කණ්ඩායම් 10කටය.  සුදුසුකම් ලැබීමේ තරගවලින් තේරුණ කණ්ඩායම් දෙක වූයේ ශ්‍රීලංකාව සහ නෙදර්ලන්තය ය. කණ්ඩායම් 10 අන්තිමට ඉන්නේ ඒ නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාවය.  ඉන්දියාවෙන් එන විට අපි ඉන්නේ 09 වැනි තැනය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

තරගාවලියේ  මුල් වටයේ  තවමත්  ඉතිරිව ඇත්තේ තරග 04කි. හෙට ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය ය. ඔස්ට්‍රේලියාව සහ බංගලාදේශයත් එංගලන්තය සහ පකිස්ථානයත්  අනිද්දා (11) තරග වදින්නේය.

12 වෙනිදා මුල් වටයේ අවසන් තරගය ඉන්දියාව සහ නෙදර්ලන්තය අතරය. දැන් කිසිම හිතේ දෙගිඩියාවක් නැතිව ඉක්මනින් ශ්‍රී ලංකා කණ්ඩායමට රටට පැමිණිය හැකිය.

අද  පැවැත්වූයේ  කුසලාන තරග මාලාවේ 41වැනි තරගය ය.  තරගය පැවැත්වූයේ  බැංගලෝර්වලය. කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පන්දු රැකීම තේරුවේය.

පැතුම් නිශ්ශංකට මේ තරගයේ දී වැදුනේ නැත. ඔහු ලකුණු 02කට දැවි ගියේය. කුසල් ජනිත් නැවත සුපුරුදු රිද්මයට එනවිට ලෝක කුසලානය ඉවරය. කුසල් ජනිත් පන්දු 28ක දී හතරේ පහර 09ක් සහ හයේ පහර දෙක්ක සමග ලකුණු 51ක් ලැබුවේය.‍ෙ

අප විශ්වාසකරන පරදි නිත්‍ය නායක දසුන් ශානක උපක්‍රමිකව අබාධයට ලක් කර තේරීම් කමිටු විසින් පත් කරනු ලැබ ඇති බව සිතන, මහේලගේ කෝලි සයිස් නායකයා නායකත්වය ලබා ගත් පසු නැවතත් ෆේල්ය .කුසල් මෙන්ඩිස් ලකුණු 06කට දැවී යන්නේය. තේරීම් කමිටුව කළේ  කැහි ගෑනි දී හොටු ගෑනි ගත්තා සයිස් වැඩකි.

සධීර සමවික්‍රමත් ලකුණු 01කට දැවී ගියේය. චරිත් අසලංක ලකුණු 08කි.  ඈන්ජලෝ මැතිව්ස් 16කි. ධනංජය ද සිල්වා ලකුණු 19කි. චාමික කරුණාරත්න යළිත් ෆේල්ය. ලකුණු 06කි.  ලකුණු 128ක් වනවිට ශ්‍රි ලංකාවේ කඩුළු 09ක් දැවී ගොස්ය.  ක්‍රීඩකයන් 06 දෙනෙක් දැවී ගියේ ලකුණු 10කට අඩුවෙනි. ඒ අනුව ලකුණු 171කට ඉනිම අවසන් කිරීම සම්බන්ධව අවසන් පිතිකරුවන් දෙදෙනාට පින් දිය යුතුය.

මහීෂ් තීක්ෂණ අන්තයක් ආරක්ෂා කරගෙන පන්දු 91කට මුහුණ දී ලකුණු 38ක් ලැබුවේය.  අවසන් පිතිකරු ඩිල්ෂාන් මධුශංක පන්දු 48ක දි ලකුණු 19ක් ලැබුවේය. අවසන් කඩුල්ල වෙනුවෙන් තැබූ සම්බන්ධය මුලු ඉනිමේ ලකුණු සංඛ්‍යාවෙන් හතරෙන් එකකටත් වඩා වැඩිය.

පන්දු ඕවර 50ක් ක්‍රීඩා කළේ නැත. 46.4ක දී සියල්ලෝ දැවී ගියහ.

දකුණු අප්‍රිකාව වෙනුවෙන්  ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 37ට කඩුළු 03කි. මිචෙල් සැන්ට්නර් ඕවර 10ක් යවා ලබා දුන්නේ ලකුණු 22කි.  කඩුළු 02ක් ලැබුවේය.  රචින් රවීන්ද්‍ර ලකුනු 21ක් දි කුඩුළු 2ක් ලැබුවේය. පන්දු ඕවර 7.4ක් යැව්වේය. ලොකි ෆර්ගසන් ලකුණු 35ට කඩුළු 2කි. ටිම් සවුති ලකුණු 52ට කඩුල්ලක් ලැබුවේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි නවසීලන් කණ්ඩායම සිදුකළේ සිය ලකුණු ලබා ගැනීමේ වේගය ස්ථාවර කරගැනීමේ සෙල්ලමකි. ආරම්භක පිතිකරුවන් වන ඩෙවොන් ක්‍රොන්වේ සහ රචින් රවීන්ද්‍ර අතර ආරම්භක කඩුල්ල වෙනුවෙන් සම්බන්ධය ලකුණු 86කි. කොන්වේ පන්දු 42ක් තුළ හතරේ පහර 09ක් සමගින් ලකුණු 45ක් ලැබුවේය.

එළියට බහින්නේ පරිස්සමින්… කපුටො කොටයි…

රචින් රවීන්ද්‍ර පන්දු 34ක දි හතරේපහර 03ක් සහ හයේ පහර 03ක් සමගින් ලකුණු 42ක් ලැබුවේය. ඩැරිල් මිෂෙල් පන්දු 31ක දි හතරේ පහර 5ක් සහ හයේ පහර 02ක් සමගින් කුණු 43කි. පන්දු ඕවර 23.2ක දි තරගය ඉවරය.

ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 29ට කඩුළු 02ක් දවා ගත්තේය. මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර කඩුල්ල බැගින් ලැබූහ.

ලබන අවුරුදදේ චැම්පියන් කුසලානයට තරග වැදීමත් අවදානමක් වූ පසු ලංකාවට එන ක්‍රිකට් වීරයන්ට ස්තුතියි කියා කියන්නට අවශ්‍යයය. මොක ඔවුන් ක්‍රිකට් ක්‍රිඩකයන්ට වඩා වෙදැදරන් ලෙස මේ රටට සෑහෙන සේවයක් කළ නිසාය.

අපේ කණ්ඩායමේ ඇත්තන්ට කියන්නට, දැන් අපේ ක්‍රිකට් උණ නිට්ටාවටම හොඳය. ආයේ සෑහෙන කාලයකට ඒ ලෙඩේ ඇති නොවනු ඇත.

යලිත් ස්තුතියි. පරිස්සමින් ඉන්න. එක උපදේශයක් මනුස්සකමට ලබා දිය යුතුව ඇත.

එළියට බහින්න එපා… කපුටො කොටයි!

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ක්‍රිකට් විවාදයේ යෝජනාව සම්මත කරන්න හදන වෙලාවේ ජෙප්පො ලිස්සුවේ  ඇයි ?

Next Post

මෙරට ඖෂධ මෙරට තුළම නිශ්පාදනය කළ යුතුයි! අවශ්‍ය සහාය නොඅඩුව ලබා දෙන්න සූදානම්… සෞඛ්‍ය ඇමති කියයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.