බලාපොරොත්තු වූ ආකාරයටම පරාදය. හැමදේම කෙළවුන රටේ ක්‍රිකට් විතරක් නොකෙළවෙනු ඇතැයි සිතා සිටි අපි හැමොටම දැන් අම්බානක් සැපය.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා දිනකට වැයවන මුදල රුපියල් දෙකෝටි පනස් හත්ලක්ෂයකි. දල වශයෙන් විනාඩියක වියදම රුපියල් ලක්ෂයකි. ක්‍රිකට් රැක ගැනීම වෙනුවෙන් ඊයේත් අදත් දවස් දෙකේ කෝටි පහකට වඩා වියදම් කරමින් විවාද කර අවසන් වනවිට අප ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන විනෝද චාරිකාව නිමා කරමින් නවසීලන්තය සමග පැවති අවසන් තරගයක් කුජීත වෙන්නට පරාදය.
තරග 09ක් සෙල්ලම් කළේය. නෙදර්ලන්තය සහ එංගලන්ත තරග දෙක පමණක් ජය ගත්තේය. පරාජයන් වුවත් එසේ මෙසේ පරාජයන් නොවේ. ලෝක වාර්තා තබමින් පරාද වුනේය. තරගාවලියේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම අපය. ඒ ඉන්දියාව සමග පැවති තරගයේ දී ය. වැඩිම ලකුණු ගණනක් ලබා දුන් කණ්ඩායම අපය. ඒ දකුණු අප්‍රිකාව සමග පැවති තරගයේය. , වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් පරාජය කළ කණ්ඩායමත් අපය. ඒ පකිස්ථානය සමග පැවති තරගයේ දී ය.
ලෝක කුසලානයෙන් පළමු වටයෙන්ම විසිවී යන්නේත් චප්ප චපිරි වෙලාය . ලෝක කුසලානයට සුදුසුකම් ලැබුණේ කණ්ඩායම් 10කටය. සුදුසුකම් ලැබීමේ තරගවලින් තේරුණ කණ්ඩායම් දෙක වූයේ ශ්‍රීලංකාව සහ නෙදර්ලන්තය ය. කණ්ඩායම් 10 අන්තිමට ඉන්නේ ඒ නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාවය. ඉන්දියාවෙන් එන විට අපි ඉන්නේ 09 වැනි තැනය.
තරගාවලියේ මුල් වටයේ තවමත් ඉතිරිව ඇත්තේ තරග 04කි. හෙට ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය ය. ඔස්ට්‍රේලියාව සහ බංගලාදේශයත් එංගලන්තය සහ පකිස්ථානයත් අනිද්දා (11) තරග වදින්නේය.
12 වෙනිදා මුල් වටයේ අවසන් තරගය ඉන්දියාව සහ නෙදර්ලන්තය අතරය. දැන් කිසිම හිතේ දෙගිඩියාවක් නැතිව ඉක්මනින් ශ්‍රී ලංකා කණ්ඩායමට රටට පැමිණිය හැකිය.
අද පැවැත්වූයේ කුසලාන තරග මාලාවේ 41වැනි තරගය ය. තරගය පැවැත්වූයේ බැංගලෝර්වලය. කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පන්දු රැකීම තේරුවේය.
පැතුම් නිශ්ශංකට මේ තරගයේ දී වැදුනේ නැත. ඔහු ලකුණු 02කට දැවි ගියේය. කුසල් ජනිත් නැවත සුපුරුදු රිද්මයට එනවිට ලෝක කුසලානය ඉවරය. කුසල් ජනිත් පන්දු 28ක දී හතරේ පහර 09ක් සහ හයේ පහර දෙක්ක සමග ලකුණු 51ක් ලැබුවේය.ෙ
අප විශ්වාසකරන පරදි නිත්‍ය නායක දසුන් ශානක උපක්රමිකව අබාධයට ලක් කර තේරීම් කමිටු විසින් පත් කරනු ලැබ ඇති බව සිතන, මහේලගේ කෝලි සයිස් නායකයා නායකත්වය ලබා ගත් පසු නැවතත් ෆේල්ය .කුසල් මෙන්ඩිස් ලකුණු 06කට දැවී යන්නේය. තේරීම් කමිටුව කළේ කැහි ගෑනි දී හොටු ගෑනි ගත්තා සයිස් වැඩකි.
සධීර සමවික්රමත් ලකුණු 01කට දැවී ගියේය. චරිත් අසලංක ලකුණු 08කි. ඈන්ජලෝ මැතිව්ස් 16කි. ධනංජය ද සිල්වා ලකුණු 19කි. චාමික කරුණාරත්න යළිත් ෆේල්ය. ලකුණු 06කි. ලකුණු 128ක් වනවිට ශ්‍රි ලංකාවේ කඩුළු 09ක් දැවී ගොස්ය. ක්‍රීඩකයන් 06 දෙනෙක් දැවී ගියේ ලකුණු 10කට අඩුවෙනි. ඒ අනුව ලකුණු 171කට ඉනිම අවසන් කිරීම සම්බන්ධව අවසන් පිතිකරුවන් දෙදෙනාට පින් දිය යුතුය.
මහීෂ් තීක්ෂණ අන්තයක් ආරක්ෂා කරගෙන පන්දු 91කට මුහුණ දී ලකුණු 38ක් ලැබුවේය. අවසන් පිතිකරු ඩිල්ෂාන් මධුශංක පන්දු 48ක දි ලකුණු 19ක් ලැබුවේය. අවසන් කඩුල්ල වෙනුවෙන් තැබූ සම්බන්ධය මුලු ඉනිමේ ලකුණු සංඛ්‍යාවෙන් හතරෙන් එකකටත් වඩා වැඩිය.
පන්දු ඕවර 50ක් ක්‍රීඩා කළේ නැත. 46.4ක දී සියල්ලෝ දැවී ගියහ.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 37ට කඩුළු 03කි. මිචෙල් සැන්ට්නර් ඕවර 10ක් යවා ලබා දුන්නේ ලකුණු 22කි. කඩුළු 02ක් ලැබුවේය. රචින් රවීන්ද්‍ර ලකුනු 21ක් දි කුඩුළු 2ක් ලැබුවේය. පන්දු ඕවර 7.4ක් යැව්වේය. ලොකි ෆර්ගසන් ලකුණු 35ට කඩුළු 2කි. ටිම් සවුති ලකුණු 52ට කඩුල්ලක් ලැබුවේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි නවසීලන් කණ්ඩායම සිදුකළේ සිය ලකුණු ලබා ගැනීමේ වේගය ස්ථාවර කරගැනීමේ සෙල්ලමකි. ආරම්භක පිතිකරුවන් වන ඩෙවොන් ක්‍රොන්වේ සහ රචින් රවීන්ද්‍ර අතර ආරම්භක කඩුල්ල වෙනුවෙන් සම්බන්ධය ලකුණු 86කි. කොන්වේ පන්දු 42ක් තුළ හතරේ පහර 09ක් සමගින් ලකුණු 45ක් ලැබුවේය.

රචින් රවීන්ද්‍ර පන්දු 34ක දි හතරේපහර 03ක් සහ හයේ පහර 03ක් සමගින් ලකුණු 42ක් ලැබුවේය. ඩැරිල් මිෂෙල් පන්දු 31ක දි හතරේ පහර 5ක් සහ හයේ පහර 02ක් සමගින් කුණු 43කි. පන්දු ඕවර 23.2ක දි තරගය ඉවරය.
ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 29ට කඩුළු 02ක් දවා ගත්තේය. මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර කඩුල්ල බැගින් ලැබූහ.
ලබන අවුරුදදේ චැම්පියන් කුසලානයට තරග වැදීමත් අවදානමක් වූ පසු ලංකාවට එන ක්‍රිකට් වීරයන්ට ස්තුතියි කියා කියන්නට අවශ්‍යයය. මොක ඔවුන් ක්‍රිකට් ක්‍රිඩකයන්ට වඩා වෙදැදරන් ලෙස මේ රටට සෑහෙන සේවයක් කළ නිසාය.
අපේ කණ්ඩායමේ ඇත්තන්ට කියන්නට, දැන් අපේ ක්‍රිකට් උණ නිට්ටාවටම හොඳය. ආයේ සෑහෙන කාලයකට ඒ ලෙඩේ ඇති නොවනු ඇත.
යලිත් ස්තුතියි. පරිස්සමින් ඉන්න. එක උපදේශයක් මනුස්සකමට ලබා දිය යුතුව ඇත.
එළියට බහින්න එපා… කපුටො කොටයි!