සහරාන් විසින් හම්බන්තොට සිප්පුකුලමේ පවත්වාගෙන ගිය පුහුණු කඳවුරෙන් පුහුණුව ලැබූ 25 වියැති තරුණයෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ මහනුවර ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුව රදවාගෙන ප්‍රශ්න කෙරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර හිඟුල ප්‍රෙද්ශයේදී බවද නිහාල් තල්දූව මහතා පැවැසීය.
පාස්කු ප්‍රහාරයට පෙර රටේ ස්ථාන රැසකට එකවර ප්‍රහාර මාලාවක් එල්ලකිරීමට සහරාන් විසින් අන්තවාදීන් පුහුණු කිරීමට රට පුරාම රහස් කදවුරු රැසක්ම ස්ථාපිත කර තිබුණි. එම කදවුරුවලින් පුහුණුව ලැබූ තරුණයින් 100 කට වැඩි පිරිසක් පසුගිය කාලයේ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය. තවදුරටත් අත්අඩංගුවට ගැනීමට පිරිස් නොමැති බවද කියැවිණි. මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලබන්නේ ද ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුවය.