සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සරත් – සරත් අදත් පරාලිමේන්තුවේ දී ඇවිලෙති…

“තමුසෙ නිවටයා“... සරත් වීරසේකර - “නිවටයා ඔය සරත් ද මේ සරත් ද කියලා ජනතාවගෙන් අහනවා..“. සරත් ෆොන්සේකා...

by editor
දෙසැම්බර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නිවටයෙක් යැයි මහජන ආරක්ෂක ඇමති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ඊට පිළිතුරු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසුවේ නිවටයා කවුදැයි ජනතාවගෙන් අසා දැනගන්නා ලෙසය. 

මේ සංවාදය මතුවන්නේ සරත්  ෆොන්සේකාගේ කතාවේ දී සැක පිට පොලිස් අත්අඩංගුවේ සිටිය දී ඝාතනය වුණු පුද්ගලයෙකුගේ ඝාතනය ගැන කළ ප්‍රකාශයක් මුල් කරගනිමිනි.

කතාව අවසානයේ නැගී සිටි මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍ය විශ්‍රාමි රියර් අද්මිරාල් සරත් වීරසේකර කීවේ මරා දැම්මේ අපරාධකරුවෙක් බවය. එහිදී  සරත් ෆොන්සේකා ප්‍රශ්න කළ තම ලේකම්වරයාට එල්ල වී ඇත්තේ චෝදනාවක් පමණක් බවත් කීවේය.  ඔහු ඉවත්කර ඔහුට එරෙහිව පරීක්ෂණයක් අරඹා ඇති බවත් කී  සරත් වීරසේකර ඇමතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.

සරත් ෆොන්සේකා මහත්මයා  කිව්වෙ  ටිංකරින් ලසන්ත කියන දාමරිකයාගේ ඝාතනය ගැන. මා දැනගෙන හිටියෙ නෑ  මෙතුමා ටිංකරින් ලසන්තගේ සමීප මිතුරෙක් කියලා මම දැනගෙන හිටියෙ නෑ. ටිංකරින් ලසන්ත තමයි සන්ෂයින් සුද්දා කියන කෙනාව මැරුවේ. ඒ වගේම තමයි මංකොල්ල 11ක් කළා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ටිංකරින් ලසන්තව අත්අඩංගුවට ගන්න කියලා කිවේ නැති සරත් ෆොන්සේකා එයා ඝාතනය කළාම දුක් වෙන්න හදනවා.  පොලිසිය තමයි අල්ලගෙන සඟවා තිබුණු ආයුධ ගෙනියන්න යනකොට තමයි ඔහුව ඝාතනයට ලක්වුනේ.

තමුන්නාන්සෙ මගෙ පොලිසිය නිවටයි කියන්න එපා. තමුන්නාසෙගෙ නිවටකමයි කුහකකමයි මුළු ජනතාවම දන්නවා.

මේ මරණය ගැන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා, මහේස්ත්‍රාත්වරිය පරීක්ෂණ කළා.

අද පත්තරේ තියනවා හරක් කටා පිස්තෝල විස්සක් ගෙනත් තියන වග කියනවා. මේ ගෙනත් තියෙන්නෙ ජනතාව මරන්න. ඒ පිස්තෝල 20ත් අපි කොහොමහරි හොයා ගන්නවා.

මගේ පොසියට නිවටයි කියන්න එපා.  මෙතුමා ආරක්ෂ ඇමති වෙන්න සිහින මවනවා. මෙතුමා යහපාලන රජයේ මහජන ආරක්ෂක ඇමති වෙන්න සිහින මැව්වා. නමුත් යහපාලන රජය  දුන්නෙ නෑ. මිනිහගෙ හැටි දන්න හින්දා. දැන් ආරක්ෂක ඇමති වෙන්න සිහින මවනවා.

අනිත් එක තමයි  ලේකම් ගැන තියෙන්නෙ චෝදනාවක් පමණයි. ඒක තාම ඔප්පු වෙලා නෑ. ඒ නිසා තමයි එයාව අස් කරලා සීඅයිඩී එකට දැම්මේ.

මම අවුරුදු 35ක් නාවික හමුදාවෙ සිටියා. අවුරුදු 04ක් සිවිල් ආරක්ෂක බලකායෙ හිටියා. අවුරුදු 05ක් අම්පාරෙ හිටියා. අපට කිසිම දූෂණ චෝදනාවක් නෑ. මෙතුමාට වගේ දූෂණ චෝදනාවක් නෑ.

මෙතුමා  යුද හමුදාවෙන් යනකොට යුද්දෙ ඉවරවුනාට පස්සේ චීනෙන් ගෙනාව ආයුද නැවක් අවශ්‍ය නැති. ඒක හරවලා යැව්වා ආරක්ෂක ලේකම්තුමා. ඒක තමයි ආරක්ෂක ලේකම් තුමා සමග තරහා වුනේ.  ඒකෙන් ලැබුණු කොමිස් තමයි ලංකා බැංකුවෙ කොමිස් මුදල් තමයි.

තමුසේ වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න එපා කියලා මං කියනවා

ඒ අවස්ථාවේ නැගී සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙසේ කීවේය.

මෙතුමා ලයියා කියන දරුණු අපරාධකරුවාගෙ මල්ලි එක්ක ගිහින් විවෘත කිරීම් කරනවා.  අනික් පැත්තෙන් මෙතුමා මට කිව්වා නිවටයි කියලා. නිවටයා කවුද කියලා මේ සරත්  ද ඒ සරත් ද කියලා අහන්න රටේ ජනතාවගෙන්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සහරාන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

Next Post

විදුලිය එයි – කුමන්ත්‍රණයක් බවට සැකයි – ඉංජිනේරුවරු අකුරට වැඩ අතහරී

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.