සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සල්ලාල ගුණතිලකට වෙන දේ… ලිංගික අතවර චෝදනා ඔප්පු වුණොත් අවුරුදු 14ක උපරිම සිර දඬුවමක්!

by editor
නොවැම්බර් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව කරුණු 4ක් යටතේ නඩු පැවරීමට සිඩ්නි පොලිසිය කටයුතු කරලා..

  • යලි යලිත් විනය විරෝධී ක්‍රියා කරමින් රටම අපකීර්තියට පත් කළ මේ පුද්ගලයා කණ්ඩායමේ රඳවාගෙන තබා ඇත්තේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකුගේ බලවත් අවශ්‍යතාවයට…

එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට විශාලතම ජාත්‍යන්තර අපකීර්තිය අත්කර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිදුවීමට වැරදිකරු වුවහොත් එරට නීතියට අනුව වසර 14ක උපරිම සිර දඬුවමක් අත්වනු ඇතැයි ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කළේය.

නැගෙනහිර සිඩ්නි නුවර ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටි සසෙක්ස් ස්ට්‍රීට් හෝටලයේදී සිඩ්නි නුවර පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ රෝස් බේ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක විසින් සිදු කරනු ලැබූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසුවය.

ඒ වන විට විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිල සිඩ්නි නුවරදී සහභාගි වූ එංගලන්තයට එරෙහි සුපිරි 12 වටයේ අවසන් තරගයේ පරාජයෙන් පැය කිහිපයක් ගත වී තිබූ අතර,  ශ්‍රී ලංකා කණ්ඩායම නැවත මව්බිම බලා පිටත්වීමට සූදානම් වෙමින් සිටි බව ද වාර්තා වේ.

‘එම කාන්තාව ඔහු හඳුනාගෙන ඇත්තේ මිතුරු මිතුරියන් ඇසුරු කිරීමේ මෘදුකාංගයක් ඔස්සේ. මේ දෙන්නා මුණ ගැසීමට පෙර කෙටි පණිවිඩ හා වීඩියෝ ඇමැතුම් හරහා කතාබහ කර තිබෙනවා.“

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“පසුව 2 වැනිදා හවස්වරුවේ එක්තරා අවන්හලකදී ඇය ඔහු මුණ ගැසී ආහාර ගනිමින් කතා බහ කිරීමෙන් පසුව ඔහු ඇගේ නිවෙසට ගොස් තිබෙනවා. එහිදී ඔහු ඇගේ විරුද්ධත්වය මැද අවස්ථා කිහිපයකදීම ලිංගිකව හැසිරී ඇති බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වුණා.“

“ඒක අවාසනාවන්ත සිදුවීමක්. ඇය මේ පුද්ගලයා හඳුනා ගැනීමෙන් පසු සිය ආරක්ෂාවට ගත හැකි සියලු පියවර ගෙන තිබුණා. මූලිකම දේ තමයි ඔහු හමුවීමට පොදු අවන්හලක් තෝරා ගැනීම.‘

ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනීමෙන් පසු මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ සිඩ්නි පොලිස් ප්‍රධානි ජේන් ජේන් ඩොහර්ති වාර්තාකරුවන්ට එසේ ප්‍රකාශ කර තිබේ.

සිඩ්නි පොලිස් ප්‍රධානි ජේන් ජේන් ඩොහර්ති

ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව කරුණු 4ක් යටතේ නඩු පැවරීමට සිඩ්නි පොලිසිය කටයුතු කර ඇත.

සති අන්තයේ එරට අධිකරණ වසා තැබෙන බැවින් ඊයේ ඔහු පැරමෙටා නගරයේ විශේෂ අධිකරණයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණද, ඔහුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප වී ඇත. ඒ අනුව ඔහු අද සිඩ්නි නුවර වැවර්ලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔස්ට්‍රේලියාවේ ලිංගික අතවර සිදුවීම් අපරාධ නීතිය යටතේ අධි චෝදනා ගොනු කළ හැකි සාපරාධී ක්‍රියාවක් වන අතර, වරදකරුවන්ට අවම වශයෙන් වසර 14ක සිර දඬුවමක් පැනැවීමට හැකියාව ඇතැයි පැවැසේ.

ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ පුවත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හරහා දැනුවත් වූ බවත්, ඔහු මේ චෝදනාවට වරදකරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් මේ පිළිබඳ අද උදෑසන නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ආරම්භක තරගයකදී පාදයේ ආබාධයට ලක් වූ ධනුෂ්ක තරගාවලිය අවසන් වනතුරු කණ්ඩායමේ රඳවා ගැනීම පිළිබඳ කණ්ඩායමේ කළමනාකාරීත්වයට චෝදනා එල්ල වී ඇති අතර, තවත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ වෛද්‍ය නිර්දේශයට අනුව ඔහු ඉක්මන් සුවය ලබමින් සිටි බැවින් ‘ස්ටෑන්ඩ් බයි‘ ක්‍රීඩකයකු ලෙස තබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

කෙසේ වුවද ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයකු ශ්‍රී ලංකාවෙන් පිටත් කර තිබිණි. කෙසේ වුවද කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩකයකු කළමනාකාරීත්වයේ අනුදැනුමින් පිට මෙවැනි සිදුවීමකට යොමු වීම විමතියට කරුණක් වන අතර, ඔහු කණ්ඩායමෙන් මිදී එසේ තනිව හෝටලයෙන් පිටතට යෑම ගැටලුවකි.

විනය විරෝධී ක්‍රියා හේතුවෙන් මීට පෙර ද අවස්ථා කිහිපයකදීම දඬුවම් ලැබූ ධනුෂ්ක ගුණතිලක තවදුරටත් කණ්ඩායමේ රැඳී සිටින්නේ හිටපු ප්‍රබල ක්‍රිකට් නායකයකුගේ බලපෑම් හේතුවෙන් බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

පසු සටහනක්…

නීතියක් නැති රටක ඕනෑම ජඩ වැඩක් කර වංගු දැමිය හැකිය. මේ රටේ දී මෙම ක්‍රීඩකයාට එරෙහිව ඉදිරිපත් වුන චෝදනා සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වුනා නම් ඔහු මේ වනවිට ඉන්නේ ජාතික කණ්ඩායමේ නොව වැලිකඩ බන්ධනාගාරයේය.

සමාජයක් රටක් දියුණු බව ප්‍රකාශ වන්නේ ඒ රටේ නීතියේ ආධිපත්‍යයේ වලංගුභාවය තුළය. කාන්තාවන් විෂයෙහි හැසිරීම පිළිබඳ නිර්නායකය තවත් ප්‍රබල සාධකයකි.  ඔහු අවකෙළි කරන්නට ගියේ  අපට වඩා  දියුණු සමාජයකය.

ධනු ඉන්නසිතම්බි නැමැති යූ ටියුබ්කරු සමග   ඔහුගේ යු  ටියුබ් නාලිකාවේ සාකච්ඡාවකට එක් වෙමින් ධනුෂ්ක ගුණතිලක මෙසේ කීවේය.

“පී.සී.ආර්. පරීක්ෂාවට මම කැමති නැත්තෙ කවුරුත් මගෙ ඇඟට යමක් ඔබනවට මම කැමති නැති නිසා. මම කැමති වෙන අයට ඔබන්න…“

ගුණතිලක ඔබන්නට ගොස් ඇත්තේ වැරදි රටක වැරදි සමාජයකටය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාජ්‍ය මුදල් කාරක සභා සභාපතිකමෙන් ආචාර්ය හර්ෂ ඉවත් කිරීමේ තැතක් !

Next Post

අබාධයට ලක් වුවත් ගුණතිලක ලංකාවට එව්වෙ නැත්තේ ඇයි?… ශ්‍රී ලංකා ක්‍රිකට් හේතු කියයි..

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.