ධනිෂ්ක ගුණතිලකගේ අබාධ තත්ත්වය ඉක්මනින් සුව අතට පැමිණීම හේතුවෙන් අතිරේක ක්‍රිඩකයෙකු ලෙස සංචිතයේ තබාගැනීමේ අරමුණින්, ඔහු ඔස්ට්‍රෙලියාවේ රඳවාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
මෙම නිවේදනය ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර ඇත්තේ අබාධයට ලක්වූ ක්‍රීඩකයෙක් වෙනුවට ආදේශක ක්‍රීඩක අශේන් බණ්ඩාර ද ලංකාවෙන් ගෙන්වා ගත් පසු ඔහුව සංචිතයේ රඳවා ගත්තේ කුමණ පදනමකින් දැයි කඩිනමින් කරුනු පැහැදිලි කරන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා විසින් කළ කරුණු විමසීමට ප්‍රතිචාර දක්වමිනි.
ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ ධනිෂ්ක ගුණතිලක සංචිතයේ රඳවා ගන්නේ කණ්ඩායමේ කළමනාකරු, තේරීම් කමිටුව ඇතුලු සියලු නිලධාරීන් එක්ව ගත් තීරණයක් මත බවය.
සංචිතයේ රැඳී සිටිය දී රැඳී සිටි ස්ථානයෙන් පිටවී ගොස් සිදුකළ මෙම ස්ත්‍රී දූෂණ සිද්ධියත් සමග ක්‍රිකට් පරිපාලනය දැඩි විවේචනයට ලක් විය.
ධනිෂ්ක ගුණතිලක අවස්ථා ගණනාවක දී බරපතල විනය විරෝධී ක්‍රියාවන් සිදුකර මුලු රටම අසීරුවට පත් කළ ක්‍රීඩකයෙකි. ඒ හේතුවෙන් ඔහු ක්‍රිකට් තහනමකට ලක් කර සිටියේය. විශාල දඩ මුදලකට ද යටත් විය.







