ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසියකු ලෙස ජීවත් වූ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඔහුගේ නිවස ආසන්නයේද අද විරොධතාවක් පැවැත්වුණු බව ඇමෙරිකාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එරට වෙසෙන ශ්‍රි ලාංකිකයන් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගී වී ඇති අතර ඔවුන් මෙම උද්ඝෝෂණය සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කර ඇත්තේ “සර් ගෙ රටේ සර්ගේ ගමේ උද්ඝෝෂණය “ ලෙසිනි.
ඊට සහභාගී වූවකු ලංකාසරට ප්‍රකාශ කළේ මෙම පිරිසෙන් බහුතරය 2019 වසරේ ජනාධිපතිවරණය්දී ගෝඨාභය රාජපක්ෂ ට සහය පළ කරමින් විවිධ ආධාර උපකාර කළ අය බවය.
ඔවුන් මේ බවද මතක් කරමින් ඔහුට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සටන් පාඨ ප්‍රදර්ශනය කළ බව ඔහු තවදුරටත් පැවසීය.
පිරිසක් ඔහුගේ පුතුගේ නිවස අසළට ගොස් තම පියා ආපසු ඇමෙරිකාවට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලමින් උද්ඝෝෂණය කර ඇති බවද සඳහන් වේ.