නව ඇමති මණ්ඩලය දෙස බලන විට පෙනෙන්නේ ආණඩුව අලුත් බාල්දියක් ගෙන සුපුරුදු නෑම පටන් ගෙන ඇති බව යයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
ඊයේ රාත්‍රියේ සියලු ම අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම් ලිපි යොමු කිරීමෙන් අනතුරුව අද යළි තාවකාලික කැබිනට් මණ්ඩලයක් ලෙසින් සිව් දෙනකුගෙන් යුතු අමාත්‍ය මණ්ඩයක් පත් කිරීම පිලිබඳව සිය ට්විටර් ගිණුමට සටහනක් එක් කර ඇති ගම්මන්පිල අවශ්‍ය ව ඇතතේ සර්ව පාක්ෂික අන්තර්කාලින ආණ්ඩුවක් බව පවසයි.
එහි වගකීම අත්‍යාවශ්‍ය සේවා ලබා දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම බවත් පාලකයින් කවුදැයි ජනතාව තීරණය කරනු ඇති බවද ඔහු පවසයි.
නව ඇමති මණ්ඩලය දෙස බලන විට අළුත් බාල්දියක් ගෙන සුපුරුදු නෑම පටන් ගෙන ඇති බව පෙනේ. අපට ඕනෑ සර්ව පාක්ෂික අන්තර්කාලින ආණ්ඩුවකි. එහි වගකීම අත්‍යාවශ්‍ය සේවා ලබා දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමයි. පාලකයින් කවුදැයි ජනතාව තීරණය කරාවි.#EconomicCrisisLK
— Udaya Gammanpila (@UPGammanpila) April 4, 2022
රජයට එරෙහි දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර ව්‍යාප්ත වෙද්දී පවතනි ආණ්ඩුව වෙනුවට අන්තර්වාර පාලනයක් පිළිබඳව යෝජනාව ඊයේ නාධිපතිවරයා වෙත ඉදිරිපත් කළේ උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ ඇතුුළු කණඩායමක් බවද සඳහන් වේ.
කෙසේ වුවද ඔවුන් ජනාධිපතිවරයා සහ අමැතිවරයා සමඟ එකඟවූ වැඩ පිළිවෙළ ඊයේ මද්‍යම රාත්‍රිය වනවිට සම්පූර්ණයෙන්ම වෙනසකට ලක් විය.