සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගේ මහනුවර බහිරවකන්ද පිහිටි නිවසට අද සවස රජයට විරෝධතා දක්වන පිරිස් වැටලූහ. එම නිවස ඉදිරිපිට රැස්වූ 500ක පමණ පිරිසක් සටන් පාඨ කියමින් ජනාධිපතිවරයාට අස්වන ලෙසට බල කරමින් උද්ඝෝෂණයක නියැළුණු අතර ඔවුන්ට මේ වනවිට කඳුලු ගෑස් ප්‍රහාරයක් පොලිසිය විසින් එල්ල කරනු ලැබ ඇත.
එයින් විරෝධතාකරුවන් යම් පසුබෑමකට ලක් වුවද කඳුලු ගෑස් පුහාරයෙන් පසුව යළිත් එම පිරිස එම ප්‍රදේශයේ රැඳී සිටිමින් උද්ඝෝෂණය කළ බව මහනුවර අප වාර්තාකරු සඳහන් කළේය.