සම සහිත කුකුල් මස් කිලෝග්‍රෑමයක් අද (02) සිට රුපියල් 1250කට සියලුම සුපිරි වෙළෙඳසල්වල අලෙවි කිරීමට කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගම් එකඟ වී තිබේ.
එය කුකුලු මස්වල මිල රුපියල් සියයකට වඩා මිල අඩු කිරීමකි.
කුකුළු මස් සහ බිත්තර මිල අඩු කිරීමට අදාළ සාකච්ඡාවක් ඊයේ (01) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙරට දැනට කුකුල් මස් නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන් මෙන්ම මහා පරිමාණයෙන් බිත්තර නිෂ්පාදනය කරන සියලුම කර්මාන්තකරුවන් මෙම සාකච්ඡාවට සහභාගි වූ අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ බිත්තර මිල පාලනය කිරීම සඳහා තවත් බිත්තර මිලියන 91ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට රජය අනුමැතිය ලබා දී ඇති බවයි.
කුකුළු මස් මිල අඩු නොකළහොත් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්දියාවෙන් කුකුළු මස් ආනයනය කිරීමට රජයට සිදුවන බවද ඔහු අවධාරණය කළේය.







